ඔයාට කවදා හරි හිතිලා තියෙනවද දැන් ඉන්ටර්නෙට් එකේ හැම තැනම තියෙන්නේ එකම වගේ දේවල් කියලා? සමහරු කියනවා මේක “Dead Internet Theory” එක කියලා. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ දැන් ඉන්නේ ඇත්තම මිනිස්සු නෙවෙයි, වැඩිපුරම ඉන්නේ බොට්ස්ලා (Bots) සහ AI කියන අදහසයි. 2026 වෙද්දී මේක තවත් තහවුරු වෙන්නේ AI Influencers ලාගේ පැමිණීමත් එක්කයි.
කවුද මේ AI Influencer කියන්නේ? ![]()
AI Influencer කෙනෙක් කියන්නේ ඇත්තම මනුස්සයෙක් වගේ පෙනෙන, කතා කරන, හැසිරෙන, හැබැයි ඇත්ත ලෝකයේ ජීවත් නොවන ඩිජිටල් රූපයක්. Lil Miquela වගේ AI චරිත අද ලෝකයේ ප්‍රසිද්ධ සන්නාම (Brands) එක්ක වැඩ කරලා ඩොලර් ලක්ෂ ගණනින් මුදල් උපයනවා. ඔවුන් 100%ක්ම නිර්මාණය කරලා තියෙන්නේ AI මගින්.
අලුත්ම විප්ලවය: Higgsfield.ai![]()
ඉස්සර මේ වගේ AI වීඩියෝ එකක් හදන්න ලොකු කොම්පියුටර්ස් ඕනේ වුණා. හැබැයි දැන් Higgsfield.ai වගේ ටූල්ස් නිසා ඔයාගේ ෆෝන් එකෙන්ම මේ වැඩේ කරන්න පුළුවන්.
මොකක්ද මේකෙන් කරන්නේ?: මේකෙන් හරිම තාත්වික (Realistic) විදිහට මිනිස් රූප සහ චලනයන් සහිත වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන්.
සුවිශේෂත්වය: අනිත් AI වීඩියෝ ටූල්ස් වලට වඩා Higgsfield විශේෂ වෙන්නේ මේක Social Media වලට ගැලපෙන විදිහේ (TikTok/Shorts style) වීඩියෝ හදන්නම විශේෂයෙන් නිර්මාණය කරලා තිබීමයි.
සමාජයට මේකෙන් වෙන බලපෑම මොකක්ද? ![]()
Higgsfield වගේ ටූල්ස් නිසා ඕනෑම කෙනෙක්ට “බොරු මිනිස්සු” මවන්න පුළුවන් වීමත් එක්ක ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා:
1. විශ්වාසය: අපි ඉන්ස්ටග්‍රෑම් එකේ දකින කෙනෙක් ඇත්තම මනුස්සයෙක්ද නැත්නම් AI එකක්ද කියලා අඳුරගන්න එක අනාගතයේදී හරිම අමාරු වැඩක් වෙයි.
2. අවස්ථාව: ඔයාගේ මූණ පෙන්නන්න අකමැති නම්, AI චරිතයක් නිර්මාණය කරලා ඒ හරහා තමන්ගේම Brand එකක් හදාගන්න දැන් ඕනෑම කෙනෙක්ට පුළුවන්.
3. අනාගතය: ඉදිරියේදී ඇත්ත මිනිස්සුන්ට වඩා ඩිජිටල් මිනිස්සු (Digital Humans) ප්‍රසිද්ධ වෙන යුගයක් අපිට දකින්න ලැබෙයි.
උපුටා ගැනීම : මුහුණු පොත Gen AI
