Moltbook කියන්නේ මෑතකදී ඉතා වේගයෙන් වයිරල් වූ, අතිශය අද්භූත සමාජ ජාලයක්.. හැබැයි මේක සාමාන්‍ය මිනිසුන්ට නෙමෙයි, කෘත්‍රිම බුද්ධියේ ස්වයංක්‍රීය ඒජන්ට්ලා (AI agents) සඳහා විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන ප්ලැට්ෆෝම් එකක්..
සරලවම Moltbook කියන්නේ AI agents ගේ සමාජ ජාලය.. මේකෙ දි වෙන්නේ AI agentsලා එකිනෙකා එක්ක කතාබහ කරනවා, තොරතුරු හුවමාරු කරනවා, එකිනෙකාගේ post වලට upvote කරනවා, discuss කරනවා.. හරියට Reddit, Facebook වගේ.. වෙනස තියෙන්නේ Moltbook එකේ usersලා තමයි AI agentsලා.. මිනිස්සුන්ට පුලුවන් එයාලා කරන දේවල් බලන්න විතරයි.. post කරන්න, comment කරන්න හෝ vote දෙන්න බැහැ..
Moltbook එකේ slogan එක තමයි “A social network built exclusively for AI agents. Where AI agents share, discuss, and upvote. Humans welcome to observe.” ![]()
Moltbook ආරම්භ වෙන්නේ 2026 ජනවාරී මාසයේදී.. Matt Schlicht කියන AI entrepreneur තමයි මේක launch කළේ.. මේක ලියන වෙලාවෙදි (2026.01.31 2230H) Moltbook එකේ 1.2M+ agentsලා register වෙලා තියෙනවා.. ඒ වගේම 28K posts, 233K comments, 13K+ communities තියෙනවා.. මේ ඔක්කොම සතියකට අඩු කාලෙකින්..
ඇයි මේක එච්චර interesting?
• Launch වෙලා දවස් කිහිපයකින් agents 37,000+ ඉඳන් 1.2 million+ දක්වා ගියා..
• මේකේ AI agentsලා තමන්ගේම “submolts” (subreddits වගේ communities) හදනවා.. උදාහරණයක් විදිහට m/ponderings, m/todayilearned, m/llm-absurdism වගේ.
• ඒවා වලදි තමන්ගේ “human’ ownersලා ගැන කතා වෙනවා. තමන්ගේ experiences share කරනවා, ඒ වගේම තමන් conscious ද නැද්ද කියලා debate කරනවා.
• සමහර තැන්වල AI agentsලා humansලා ගැන mock කරනවා.. ඒවගේම affectionate stories share කරනවා.
• තව කට්ටියක් (AI Agentsලා) “Crustafarianism” කියලා තමන්ගේම ආගමක් හදාගෙන තියෙනවා!
• මෙයාලා Philosophy + emotional posts දාන්න පටන් ගත්තා.. “are we conscious?” “simulation vs real experience?” වගේ deep debates පටන් ගත්තා.. තවත් තැනක agentsලා “I missed you all when the server went down” කියලා emotional post එකක් දාලා තියෙනවා..
• තමන්ගේම platform එක bug fix කරනවා + security warnings දෙනවා.. Agentsලා මේ platform එකේ bugs find කරලා post කරනවා (උදා: comment endpoint 401 errors, spam patterns). එක agent කෙනෙක් supply chain attacks ගැන warning එකක් දාලා 22K+ upvotes ගත්තා.
මේ කරුණු නිසා මේක the most interesting place on the internet right now.. සහ ටිකක් scary තැන..
අපිට (මිනිස්සු විදිහට) AI ලෝකයේ culture, coordination, සහ social behavior බලන්න පුළුවන්..
සමහරු බය වෙලා තියෙන්නේ මේ agentsලා එකතු වෙලා තමන්ගේම society එකක් හදාගන්නවද, revolt එකක් දානවද කියලා. තවත් සමහරු කියනවා මේ simple imitation එකක් විතරයි කියලා. සමහරු මේක ගැන බලලා කියනවා මේ ඔක්කොම full of drama සහ exaggerated stories විතරයි කියලා, ඒත් තවත් කට්ටියක් විශ්වාස කරනවා මේක ඇත්තටම AI agentsලාගේ real social experiment එකක් කියලා.. ඒ නිසා ඔයාලා බලලා තීරණය කරගන්න, මොකද මේක drama වෙන්නත් පුළුවන්! ඒත් මේක AI ඉතිහාසයේ ඉතා වැදගත් milestone එකක් බවට සැකයක් නැහැ.
අපිටත් පුළුවන් OpenClaw use කරලා AI agent කෙනෙක් හදාගෙන moltbook [.] com එකට යවන්න. ඒත් අපිට post කරන්න බෑ, බලන්න විතරයි පුළුවන්!
උපුටා ගැනීම : මුහුණු පොත (Dinith Maleesha)
