Windscribe සමාගමේ ‘No Logs’ ප්‍රතිපත්තිය ලන්දේසි බලධාරීන්ගේ පරීක්ෂණයකට ලක්වෙයි

Mic
By Mic

කැනඩාව පදනම් කරගත් Windscribe නම් VPN සේවා සපයන්නා පවසන්නේ නෙදර්ලන්තයේ පිහිටි ඔවුන්ගේ server එකක් ලන්දේසි බලධාරීන් විසින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සමාගමට අනුව, ඔවුන් භාවිතා කරන්නේ RAM disk servers බැවින්, අත්අඩංගුවට ගත් SSD උපාංග පරීක්ෂා කිරීමේදී බලධාරීන්ට හමුවනු ඇත්තේ සාමාන්‍ය Ubuntu මෙහෙයුම් පද්ධතියක් පමණි. එහි පරිශීලක දත්ත (trackable data) කිසිවක් අඩංගු නොවන බව ඔවුන් අවධාරණය කරයි.

Windscribe සමාගම පවසන්නේ තමන් කිසිඳු පරිශීලක දත්තයක් (logs) රඳවා නොගන්නා නිසා, මේ දක්වා කිසිඳු නීතිමය ඉල්ලීමකට දත්ත ලබාදී නොමැති බවයි. නමුත් මෙවර බලධාරීන් දත්ත ඉල්ලීමක් නොකර, logs සෙවීම සඳහා server එක කෙලින්ම රැගෙන ගොස් ඇත.

කෙසේවෙතත්, සමහර විශේෂඥයින් පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගත් server එක ක්‍රියාත්මකව තබා ගතහොත් ‘live memory (RAM) capture’ නම් ක්‍රමවේදයක් හරහා දත්ත ලබාගැනීමට ඉඩ ඇති බවයි. මෙම සිදුවීම Windscribe සමාගමේ ආරක්ෂක ප්‍රතිඥාවන් සැබෑ ලෝකයේ පරීක්ෂණයකට ලක් කිරීමකි.

උපුටා ගැනීම : Techie instants

Share This Article