Google සමාගම ඔවුන්ගේ Clock app එක සඳහා අලුත්ම version 8.5 update එක නිකුත් කර තිබෙනවා. මේ සමග alarm dismiss කිරීම සඳහා swipe කිරීමේ හැකියාව හඳුන්වා දී තිබෙනවා. දැනට භාවිතා වන tap කර alarm dismiss කරන ක්රමයට අමතරව පරිශීලකයින්ට මෙම නව swipe ක්රමය තෝරාගැනීමට අවස්ථාව ලැබෙනවා.
මෙම නව swipe interface එකේ, වම් අතට swipe කිරීමෙන් alarm එක Snooze කිරීමටත්, දකුණු අතට swipe කිරීමෙන් Stop කිරීමටත් පුළුවන්. මෙම ක්රමය නිසා උදෑසන අවදි වීමේදී alarm එක නතර කිරීම සඳහා සුළු අමතර වෙහෙසක් ගැනීමට සිදු වෙනවා. මෙම පහසුකම server-side update එකක් ලෙස ක්රමානුකූලව නිකුත් කෙරෙන අතර, දැනටමත් සමහර Pixel උපාංග සඳහා එය ලැබී තිබෙනවා. මීට අමතරව, app එකේ slider වල පෙනුම නව Material 3 Expressive design එකට අනුව යාවත්කාලීන කර තිබෙනවා.
උපුටා ගැනීම : Techie Instants
