දකුණු අප්‍රිකාවේ කෙල්ලෙක් – ලෝකෙටම දුන්නු ලොකු ඇල්ලක්

Mic
By Mic

අවුරුදු 16ක් කියන්නේ අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ ලියන වයසනේ. හැබැයි දකුණු අප්‍රිකාවේ මේ දක්ෂ කෙල්ල, බොහ්ලාල්ලේ, ඒ වයසෙදිම කළේ මුළු ලෝකෙම අවධානය දිනාගත්ත සුපිරි නිපැයුමක්! 🌍✨

එයා නිර්මාණය කරලා තියෙනවා “Alerting Earpiece” කියලා හරිම අපූරු කරාබුවක්. 👂💍

මේක නිකන්ම කරාබුවක් නෙවෙයි, මේකේ රහස් කැමරාවක් සහ ලොකේෂන් සෙන්ඩර් එකක් තියෙනවා. කවුරු හරි කරදරයක් කරන්න ආවොත්, රහස් බොත්තමක් මගින් ඒ කෙනාගේ ෆොටෝ එකක් අරගෙන, තමන් ඉන්න තැනත් එක්කම හදිසි පණිවිඩයක් ගෙදර අයට යවන්න මේකට පුළුවන්! 📸📍🆘

අද කාලේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට මේ වගේ දේවල් හරිම වැදගත්. තරුණ මනසකට පුළුවන් ලෝකේ වෙනස් කරන්න කියලා බොහ්ලාල්ලේ ඔප්පු කරලා තියෙනවා. ❤️💪

ඔයාලත් මේ වගේ නව නිර්මාණයක් ගැන අදහසක් තියෙන කෙනෙක් නම්, අදම පටන් ගන්න! 🚀🌟

උපුටා ගැනීම : මුහුණු පොත

Share This Article