SpaceX සමාගම සිය next-generation cellular Starlink සේවාව හරහා පරිශීලකයෙකුට 150Mbps peak speeds ලබා දීමට සැලසුම් කරයි. දැනට T-Mobile හරහා ලබාදෙන Starlink සේවාවේ වේගය 4Mbps පමණ වන අතර, මෙය වැඩිදියුණු කිරීමට EchoStar හි radio spectrum භාවිත කර තවත් satellites 15,000ක් යැවීමට නියමිතය.
මෙම නව 5G සේවාව 2027 දී ආරම්භ කිරීමට නියමිත අතර, එය AST SpaceMobile සහ Globalstar වැනි තරඟකරුවන්ට ප්රබල අභියෝගයක් වනු ඇත. Elon Musk පවසන පරිදි මෙය අනාගතයේදී standalone product එකක් ලෙසද නිකුත් වීමට ඉඩ ඇත.
උපුටා ගැනීම : Techie Instants
