Linux දැන් අලුත් වෙලා…

Mic
By Mic

ඔන්න මේ පාර, ජීවිතේම Linux කරගත්ත අයට Linus බොසා අලුත්ම Linux Kernel 7.1 නිල වශයෙන් එළියට දාලා තියෙනවා..!

තාර පැටියා දැන් මේ පාර අලුත් වෙලා ඇවිත් තියෙන්නේ..! 🤌🏻

හැබැයි මේක නිකන්ම නිකන් Update එකක් නෙමෙයි, අවුරුදු ගාණක් තිබ්බ ප්‍රශ්න ගොඩක් විසඳපු එකක්..!

සාමන්‍ය අපිට Linux ගත්තොත් කතා කරන්න පැති ගොඩයි මචං..! එව්වා වැඩක් නැ.. කෙටියෙන් කිව්වොත් මේ පාර වැඩියෙන්ම Drivers තමා එහා මෙහා වෙලා තියෙන්නෙ..!

Windows එක්ක Dual Boot කරන අයට එහෙම සුපිරියක් දීලා තියෙනවා..🤌🏻

උබලා කලින් Linux පාවිච්චි කරනකොට NTFS Drivers ප්‍රශ්න ඇවිත් නද්ද..? සමහර ඒවා Read Only..!

හැබැයි මේ පාර Namjae Jeon කියන Developer අවුරුදු 4ක් තිස්සේ හදපු අලුත්ම Driver එකක් මේකට එකතු කරලා තියෙනවා…!

මේකෙන් Full Write Support එක වගේම Performance එකත් ගොඩක් වැඩි කරලා තියෙනවා කියලා කියනවා…!

අනික් එක තමයි AMD CPU තියෙන උන්ට මේක මාර වාසියි..🤌🏻

ඇයි කිව්වොත්..? මේ update එකෙන් ලැප් එක කරන්ට් එකට ගහලා තියෙනවද නැත්නම් Battery එකෙන්ද දුවන්නේ කියලා බලලා CPU Performance එක Drivers වලින් Automatic මාරු වෙනවා..!

ඒ එක්කම Steam Deck OLED එකේ අවුරුදු ගාණක් තිබ්බ Audio ප්‍රශ්නේ අන්තිමට විසඳලා තියෙනවා මෙයාලා…! ඒ වගේම Apple Silicon MacBooks වල Battery සහ Charge හරියටම බලාගන්න අලුත් Driver එකක් දීලා තියෙනවා…!

මේ Update එකෙන් පරණ ISDN, Ham Radio වගේ දැන් කවුරුත් පාවිච්චි කරන්නේ නැති පරණ Hardware Drivers ඔක්කොම අයින් කරලා දාලා තියෙනවා..🤌🏻

බලන් යනකොට Drivers ටිකක් විතරද මන්දා update කරලා තියෙන්නේ..🤝

නැ නැ… තව ටිකක් වෙනස් කරලා තියෙනවා මේ පාර… !

සාමන්‍ය වැඩි පුරාම Code Lines තියෙන OS එක මොකක්ද..? කතා දෙකක් නැනේ Linux based OS තමයි වැඩිම තියෙන්නේ..!

සමහර Researchersla AI Models පාවිච්චි කරලා මේ පරණ, කිසිම කෙනෙක් පාවිච්චි කරන්නේ නැති Drivers වල Security Flaws හොය හොයා බොරු Bug Reports දානවා කියලා Code Lines 140,000 ක් මෙයාලා අයින් කරලා තියෙනවා…!

සාමන්‍ය VM ware දාලා Kali එහෙම පාවිච්චි කරනකොට, Chrome හරි Firefox හරි Tabs ගොඩක් ඇරියාම සමහර lap වල RAM එක අඬනවා…🤌🏻 මෙහෙමයි ඉතින් උබලට හොඳ machine තියෙනවා නම් මේක දැනිලා නැතුව ඇති.. !

අන්න ඒ හිරවිල්ලට විසඳුමක් විදිහට පරණ Swap Map එක අයින් කරලා තියෙනවා… ඒ වගේම ඉස්සර තිබ්බට වඩා HRTICK වලින් සිස්ටම් එක කලින්ට වඩා smooth වැඩ කරනවා කියලා කියනවා..!

උබලා දන්නවා ඇති සාමාන්‍යයෙන් Linux වල Memory ගත්තම admin Privilege තියෙන ඕනෑම Process එකකට පුළුවන්කම තිබ්බා තවත් Run වෙන Process එකක Memory එකට එබෙන්න හරි ඒක Modify කරන්න හරි…!

ඔන්න මේ පාර ඒක බ්ලොක් කරලා තියෙනවා. එහෙම බලන්න ඕනේ නම් දැන් Process දෙකක් අතර Active Debugging Relationship එකක් තියෙන්න ඕනේ… !

Relationship එකක් නැතුව බලන්නම බැරිද දන්නෑ නේද..? 🥹

එක නම් හොඳ වැඩක්.. අනුන්ගේ ලබ්බවල් බලන්න ඕනේ නැනේ ඇඩ්මින් නෙමේ කව්රු උනත්..🤌🏻

ඒ වගේම තවත් පොඩි පොඩි වෙනස් කම් විදියට IPv6 දැන් වෙනම Module එකක් විදිහට Build කරන්න බෑ කියලා කියනවා…!

පරණ 32-bit ARM devices වලට Real-time Kernel build කරන්න පුළුවන්…!

මේක දැනටමත් Release වෙලා ඉවරයි…! හැබැයි Ubuntu වගේ Distros පාවිච්චි කරන සාමාන්‍ය අයට මේක එන්න තව මාස කිහිපයක් යයි කියලා කියනවා..!

Arch Linux , Kali වගේ Rolling Releases පාවිච්චි කරන අයට නම් ළඟදීම මේක Update කරගන්න පුළුවන් වෙයි..!

Linux පිස්සෙක් නම් මේක ගැන තව ටිකක් දේවල් තියෙනවා පොඩ්ඩක් බලපල්ලා web එකේ.. !

Try කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න හොඳයිද කියලා.. !

Safe online 🤍!

උපුටා ගැනීම : Dilsara Sandun

Share This Article