Google Messages හරහා Real time location share කිරීමේ නව පහසුකමක් හඳුන්වා දෙයි

Mic
By Mic

Google Messages පරිශීලකයින් සඳහා Find Hub මගින් ක්‍රියාත්මක වන නව Real-time location sharing විශේෂාංගය හඳුන්වා දී ඇත.

දැන් Attachments මෙනුව හරහා Location වෙනුවට Real-time location තෝරාගත හැකි අතර පැරණි ක්‍රමය One-time Location ලෙස භාවිතා කළ හැක.

මෙහිදී 1 hour, Today only, Until you turn this off හෝ පැය 24ක් දක්වා Custom duration ලෙස කාල සීමාවන් ලබා දිය හැක. මෙය Google Maps හෝ Find Hub හරහා පහසුවෙන් පාලනය කළ හැක.

මෙම පණිවිඩ end-to-end encrypted වුවද location දත්ත Google හි රහස්‍යතා ප්‍රතිපත්ති වලට යටත් වේ. මෙය දැනට beta සංස්කරණයට නිකුත් කර ඇත.

උපුටා ගැනීම : Techie Instants

Share This Article