X සමාගම විසින් හඳුන්වා දුන් XChat, දැන් Android පරිශීලකයන් සඳහාද නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. මුලින්ම 2026 අප්‍රේල් මාසයේදී iOS (Apple) උපාංග සඳහා පමණක් හඳුන්වා දුන් මෙම ඇප් එක, Google Play Store හරහා Android දුරකථන වෙත ලබා දීමේ කටයුතු අද දින සිට ආරම්භ කර ඇත..
මෙම නව ඇප් එක හරහා පරිශීලකයන්ට end-to-end encrypted ආරක්ෂිත චැට් පහසුකම් හිමිවන අතර, තමන්ගේ පවතින X account භාවිතයෙන්ම ඉතා පහසුවෙන් මෙයට log විය හැක..
කිසිදු වෙළඳ දැන්වීමකින් හෝ පරිශීලක දත්ත tracking කිරීමක් නොමැතිව ක්‍රියාත්මක වන XChat, X තුළ දැනටමත් ඔබට සිටින මිතුරන් සහ සම්බන්ධතා ජාලය සෘජුවම මෙයට ඒකාබද්ධ කර ගැනීමටද අවස්ථාව සලසා දෙයි
උපුටා ගැනීම : Dinith Maleesha
