මොකක්ද මේ “MAC Address” කියන්නේ? මේක ගොඩක් අයට පැටලෙන තැනක්. ලේසියෙන්ම තේරුම් ගමු! ![]()
1. MAC Address (ජාතික හැඳුනුම්පත වගේ):
ඔයාගේ ෆෝන් එක හෝ කම්පියුටරය ෆැක්ටරියෙන් හදද්දීම, ඒකට කවදාවත් වෙනස් කරන්න බැරි නිත්‍ය අංකයක් (Physical Address) ලබා දෙනවා.
ඒක තමයි MAC Address එක! ඔයා ලෝකේ කොහේ ගියත් ඔයාගේ Device එකේ මේ අංකය වෙනස් වෙන්නේ නෑ.
(A permanent physical ID assigned to your device when it’s built. Like your National ID card, it never changes!)
2. IP Address (දැන් ඉන්න ගෙදර ලිපිනය වගේ):
ඔයා කනෙක්ට් වෙන Network එක අනුව මේක වෙනස් වෙනවා. ඔයා ගෙදර Wi-Fi එකට කනෙක්ට් වෙද්දි එක IP එකක්, ඔෆිස් එකෙන් කනෙක්ට් වෙද්දි තව IP එකක් ලැබෙනවා.
(Changes depending on the network you connect to. Just like moving to a new house gives you a new address!)
සාරාංශය (Summary):
| නිත්‍ය අංකය – වෙනස් වෙන්නේ නෑ.
(MAC Address: Permanent ID )
| තාවකාලික ලිපිනය – Network එක අනුව වෙනස් වෙනවා.
(IP Address: Location ID)
උපුටා ගැනීම: රහස් බොත්තම
