2026 YouTube Algorithm එකට හරියටම Video Upload කරමු

Mic
By Mic

YouTube එකේ දැනටමත් වීඩියෝ දාන ගොඩක් අය කරන ලොකුම වැරැද්ද තමයි Settings ටික හරියට හදාගන්නේ නැති එක. ඔයාගේ වීඩියෝ එක කොච්චර සුපිරි වුණත් වැඩක් නැහැ, YouTube එක ඒක වැරදි Audience එකකට පෙන්නුවොත්. අද මම කියලා දෙන්නේ ඔයාගේ වීඩියෝ එකේ Views දහස් ගණනින් වැඩි කරගන්න පුළුවන් “Abeeth Gamage Strategy” එක.

Title එකයි Metadata එකයි හරියට හදමු

ඔයාගේ Title එක කවදාවත් Characters 60කට වඩා වැඩි කරන්න එපා. ඒ වගේම වැදගත්ම දේ තමයි වීඩියෝ එක Upload කරන්න කලින් ඒ File එකේ නම (File Name) ඔයාගේ Title එකටම Rename කරන්න. උදාහරණයක් විදිහට, “How to invest money” කියලා වීඩියෝ එකක් කරනවා නම්, File එකේ නමත් ඒකම වෙන්න ඕනේ. YouTube එක වීඩියෝ එකේ Metadata බලනවා ඒක කාටද පෙන්නන්න ඕනේ කියලා තීරණය කරන්න.

අනික තමයි ගොඩක් අය Description එකේ රචනා ලියනවා. ඒක කරන්න එපා! කරන්න ඕනේ හොඳම දේ තමයි ඔයාගේ Title එකම වාක්‍යයක් විදිහට මුලින්ම ලියන එක. එක Hashtag එකක් හෝ තුනක් පාවිච්චි කරන්න. වැඩිය Hashtags දැම්මම Algorithm එකට පටලැවෙනවා මේක කාටද පෙන්නන්න ඕනේ කියලා.

දැන් 2026 වෙද්දී YouTube එකේ AI එක හරිම Advanced. ඔයාගේ Thumbnail එකේ තියෙන රූප සහ වචන, ඔයාගේ Title එකත් එක්ක සැසඳෙන්න ඕනේ. Thumbnail එකේ “Money” කියලා තියෙනවා නම්, Title එකෙත් ඒ වචනය තියෙන්න ඕනේ. එතකොට තමයි YouTube එකට පැහැදිලි වෙන්නේ මේක “Quality Content” එකක් කියලා. දැන් Google මාර Advance නිසා මේව Ai වලින් Detect වෙනව ඉක්මනටම

වීඩියෝ එකේ Audience එක තෝරද්දී හැමතිස්සෙම “No, it’s not made for kids” දෙන්න. ඔයාගේ Content එක පොඩි ළමයින්ට විතරක්ම කරන එකක් නෙවෙයි නම් මේක අනිවාර්යයි. නැත්නම් ඔයාගේ වීඩියෝ එකේ Reach එක ගොඩක් අඩු වෙනවා. ඒ වගේම ඔයා AI පාවිච්චි කරලා වීඩියෝ එක හැදුවා නම් “Altered Content” කියන එක “Yes” කරන්න අමතක කරන්න එපා.

මම සමහර වීඩියො වලට විතරක් පෞද්ගලිකව කැමතියි License එක “Creative Commons” දාන්න. එතකොට වෙන අය වීඩියෝ එකේ Clips අරන් පාවිච්චි කරද්දී ඔයාට නිකන්ම Exposure එකක් (Free Marketing) ලැබෙනවා. ඒත් හැම එකටම ඕක කරන්න එපා

අන්තිමට වීඩියෝ එක ඉවර වෙද්දී තව වීඩියෝ එකක් බලන්න “End Screen” එකක් දාන්න. එතකොට තමයි Viewer ඔයාගේ Channel එකේම නතර වෙන්නේ.

මේවට අමතරව ඔයාල Detect කරගත්ත දේවල් දැනගන්න පහලින් Comment කරන්න

දෙයක් ඉගනගන්නව නම් තවත් නොදන්න කෙනෙක් බලාවි කියල හිතල මේක Share කරන්න.

උපුටා ගැනීම : Abeeth Gamage

Share This Article