grok.com එකට Premium+ කනෙක්ට් කරගන්නේ මෙහෙමයි (ෆෝන් එකෙන් හෝ බ්‍රවුසර් එකෙන්)
ෆෝන් එකෙන් කරන අයට පොඩි ටිප් එකක්: වැඩේ ලේසි වෙන්න, මේක කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ Grok ඇප් එකයි X (ට්විටර්) ඇප් එකයි තියෙනවා නම් ඒ දෙක අයින් කරලා (uninstall කරලා) ඉන්න.
1. ඉස්සෙල්ලාම grok.com එකට ගිහින් ඔයාගේ Google එකෙන් හරි, Email එකයි Password එකයි ගහලා හරි ලොග් වෙන්න.
2. ඊට පස්සේ Settings → Account → Connect X කියන තැනට යන්න.
3. එතකොට X එකෙන් පර්මිෂන් ඉල්ලන පේජ් එකක් එයි, ඒකේ “Authorize” කියන එක ටැප් කරන්න.
4. සාර්ථකව කනෙක්ට් වුණාට පස්සේ, යටින් වැටෙන බැනර් එකේ තියෙන “Back to Grok” කියන එක ටැප් කරන්න.
5. එච්චරයි! වැඩේ ගොඩ
දැන් ඔයාගේ SuperGrok Premium+ එක ඇක්ටිව් වෙලා තියෙන්නේ.
දැන් ඉතින් හැමදාම සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න Grok ඇප් එක ආයෙත් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තට කමක් නැහැ.
මේ Setup එක ඉවර වුණාට පස්සේ, ඔයාට කැමති වෙලාවක මේ ඕනෑම ක්‍රමයකින් ලොග් වෙන්න පුළුවන්:
• Google එකෙන්
• X (ට්විටර්) එකෙන්
• Email සහ Password එකෙන්
(ඔයාට Password එකක් දාලා ලොග් වෙන්න ඕනේ නම්, මෙන්න මෙතනින් එකක් හදාගන්න: Settings → Account → Manage Account)
උපුටා ගැනීම : TECSUB
