Nvidia සමාගම

Mic
By Mic

මෑතකදී Nvidia සමාගම ඔවුන්ගේ අලුත්ම AI තාක්ෂණය වන DLSS 5 හඳුන්වා දුන්නා. හැබැයි මේක ආපු ගමන්ම ලෝකේ වටේම ඉන්න ගේමර්ස්ලාගෙන් ඊට ලොකු විවේචනයක් එල්ල වුණා. ගොඩක් අය කිව්වේ මේ AI ෆිල්ටර් එක නිසා ගේම් වල තියෙන ස්වභාවික ගතිය නැති වෙලා, චරිත වලට කෘත්‍රිම පෙනුමක් (Facetuned look එකක්) ලැබෙනවා කියලයි. ඒත් Nvidia ප්‍රධාන විධායක නිලධාරී (CEO) Jensen Huang නම් කියන්නේ ගේමර්ස්ලාගේ මේ චෝදනා “සම්පූර්ණයෙන්ම වැරදියි” කියලයි.

DLSS වල කලින් ආපු සංස්කරණ වලින් කළේ ග්‍රැෆික්ස් upscale කරන එක වුණත්, DLSS 5 හරහා Generative AI මාදිලියක් භාවිතා කරලා 3D content වලට වඩාත් තාත්වික ආලෝකකරණයක් සහ ද්‍රව්‍යමය පෙනුමක් ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා.

හැබැයි Nvidia එකෙන් රිලීස් කරපු Resident Evil වගේ ගේම්ස් වල ඩෙමෝ වීඩියෝ දැක්කම ගේමර්ස්ලා දැක්කේ වෙනස්ම දෙයක්. ඒකේ ඉන්න Grace Ashcroft වගේ චරිත වල මූණවල් ටිකක් කෘත්‍රිමව ලස්සන කරලා තියෙනවා වගේ පෙනුණා. මේ නිසා ගේමර්ස්ලා කිව්වේ මේකෙන් ගේම් නිර්මාණකරුවන්ගේ මුල් කලාත්මක අදහස විනාශ වෙනවා කියලයි. සමහරු මේකට Ray Tracing වෙනුවට “Sloptracing” කියලත් විහිළු කරලා තිබුණා.

Tom’s Hardware හි පැවති GTC 2026 අවස්ථාවේදී අදහස් දක්වමින් Jensen Huang මේ විවේචන තරයේ ප්‍රතික්ෂේප කළා. ඔහු පැහැදිලි කළේ DLSS 5 කියන්නේ නිකම්ම උඩින් දාන ෆිල්ටරයක් (post-processing filter) නෙවෙයි කියන එකයි.

ඔහුගේ වචන වලින්ම කියනවා නම්: “මේක frame level එකේදී කරන post-processing එකක් නෙවෙයි, මේක geometry level එකේදී කරන generative control එකක්.”

ඒ කියන්නේ ගේම් එකේ හැඩතල (geometry) සහ ටෙක්ස්චර්ස් (textures) එක්ක Generative AI එකතු කරලා පාලනයක් දෙන එකයි. ඔහු මේක හැඳින්වූයේ නිකම්ම Generative AI වෙනුවට “Neural Rendering” විදිහටයි. ඔහු මුලින්ම මේක හැඳින්වූයේ ග්‍රැෆික්ස් වල “GPT moment” එක විදිහටයි.

Jensen තවදුරටත් කිව්වේ මේ තාක්ෂණය හරහා ගේම් ඩෙවලොපර්ස්ලාට තමන්ගේ ගේම් එකේ ආර්ට් ස්ටයිල් එකට ගැළපෙන විදිහට AI එක fine-tune කරගන්න සම්පූර්ණ නිදහස තියෙනවා කියලයි. ඕන නම් ගේම් එකට “toon shader” පෙනුමක් හරි “වීදුරු වලින් හැදුවා වගේ” පෙනුමක් හරි දෙන්න වුණත් මේ හරහා පුළුවන්. ඒ නිසා කන්ට්‍රෝල් එක තියෙන්නේ ඩෙවලොපර්ගේ අතේමයි කියලා ඔහු තහවුරු කරනවා.

තමන්ගේ පාරිභෝගිකයින්ට “වැරදියි” කියලා කෙලින්ම කියන එක ටිකක් ආන්දෝලනාත්මක වැඩක් වුණත්, Nvidia කියන්නේ AI ගැන දැඩි විශ්වාසයක් තියෙන සමාගමක්. තමන්ගේ සේවකයින්ට පවා හැම වැඩකටම AI පාවිච්චි කරන්න කියලා Jensen නියෝග කරලා තියෙනවා. ඉතින් මේ අලුත් DLSS 5 තාක්ෂණය ඉස්සරහට ගේම් ඩෙවලොප්මන්ට් වලට කොහොම බලපායිද කියලා අපි බලන් ඉමු.

උපුටා ගැනීම: Sanjana Sandanayaka 

Share This Article