අපි සාමාන්‍යයෙන් හිතන්නේ අභ්‍යවකාශයට යවන චන්ද්‍රිකා හදන්නේ මාරම ගාණක් වෙන, බර යකඩ සහ ලෝහ ජාති වලින් කියලා නේද? හැබැයි මේ කතාව ඇහුවොත් ඔයාලත් අනිවා පුදුම වෙයි!
ස්වීඩනය ලෝකයේ පළවෙනි වතාවට ‘ලී වලින්’ හදපු චන්ද්‍රිකාවක් නිර්මාණය කරලා තියෙනවා. මේකේ නම තමා “WISA Woodsat”. ![]()
මේක හදලා තියෙන්නේ නිකම්ම නිකන් ලී වලින් නෙවෙයි, විශේෂ විදියට සකස් කරපු බර්ච් ප්ලයිවුඩ් (Birch plywood) වලින්.
අභ්‍යවකාශයේ තියෙන අධික රස්නයට, අධික සීතලට වගේම භයානක විකිරණ වලට ඔරොත්තු දෙන්න මේ ලී වලට විශේෂ නැනෝ ලේයර් (nanolayer) ආවරණයක් පවා කරලා තියෙනවලු. ![]()
![]()
ඇයි මේ යකඩ වෙනුවට එකපාරටම ලී පාවිච්චි කරන්නේ කියලා හිතෙනවා නේද? ![]()
ප්‍රධානම හේතුව තමා මේක බරින් ගොඩක් අඩුයි, ඒ වගේම වියදමත් සෑහෙන්න අඩුයි.
අනික මේ දවස්වල අභ්‍යවකාශයේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා පරණ චන්ද්‍රිකා කෑලි එකතු වෙලා හැදෙන ‘අභ්‍යවකාශ කුණු’ (Space debris). මේ ලී චන්ද්‍රිකාවලින් ඒකටත් නියම විසඳුමක් ලැබෙනවා. මොකද මේවා ආපහු අපේ වායුගෝලයට එද්දී ලේසියෙන්ම පිච්චිලා විනාශ වෙලා යනවා, පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ. ![]()
![]()
කොහොමද ඒක? ඉස්සරහට අභ්‍යවකාශ ගමන් වලටත් පරිසර හිතකාමී යුගයක් උදාවෙයි වගේ නේද? මේ සුපිරි ගැජට් එක ගැන ඔයාලගේ අදහසත් පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යමු! ![]()
උපුටා ගැනීම: Review By Sankalpa
