හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Google Photos වල තියෙන 15GB නිකන්ම පිරිලා යන එක. “Storage Full” කියලා වැටුණම අලුත් Gmail එකක් හදන්න හරි සල්ලි දීලා ඉඩ ගන්න හරි කලින් මේ දේවල් 3 කරලා බලන්න:
1. අනවශ්‍ය ලොකු වීඩියෝ අයින් කරන්න: Google Photos වල “Manage Storage” ගියාම ඔයාගේ වැඩිම ඉඩක් ගන්න වීඩියෝ සහ Blur වුණු ෆොටෝ ටික එක තැනක පෙන්වනවා. ඒවා එක ක්ලික් එකෙන් අයින් කරන්න. ![]()
![]()
2. WhatsApp Backup පාලනය කරන්න: WhatsApp වල එන හැම කුණු ගොඩක්ම Google Photos වලට Backup වෙන්න දෙන්න එපා. Settings වල “Back up device folders” ගිහින් WhatsApp පින්තූර Off කරලා තියන්න. ![]()
![]()
![]()
3. Storage Saver Mode එක පාවිච්චි කරන්න: ෆොටෝස් “Original Quality” වලින් සේව් කරන්නේ නැතුව “Storage Saver” දාන්න. එතකොට කොලිටිය ලොකුවට වෙනස් නොවී ගොඩක් ෆොටෝ සේව් කරන්න පුළුවන්. ![]()
![]()
![]()
අමතර ටිප් එක: පරණ වැඩකට නැති Emails (විශේෂයෙන් Promotions/Social) ටික Delete කළොත් ඒකෙනුත් Google Account එකේ ඉඩ ලොකුවට ඉතුරු වෙනවා. ![]()
![]()
![]()
ප්‍රශ්නය:
ඔයාලගේ Google Storage එකෙන් දැනට කීයක් පිරිලා තියෙනවාද? 80%? 90%? පල්ලෙහින් Comment එකක් දාන්න! ![]()
![]()
![]()
Tech & AI සිංහලෙන්
