ලෝක Semiconductor සැපයුම් දාමය නැවතත් අර්බුදයකට

Mic
By Mic

ලෝක semiconductor (අර්ධ සන්නායක) සැපයුම් දාමය නැවතත් අර්බුදයකට මුහුණ දිය හැකි බවට චීනය අනතුරු අඟවා තිබේ. එය සිදුවිය හැක්කේ නෙදර්ලන්තයට අයත් chip නිෂ්පාදන සමාගමක් වන Nexperia සහ එහි චීන අංශය අතර ඇතිවී තිබෙන නව ගැටුම් හේතුවෙන් බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. Nexperia සමාගම නිෂ්පාදනය කරන semiconductor chips ලොව පුරා මෝටර් රථ ඉලෙක්ට්‍රොනික පද්ධති සඳහා අතිශය වැදගත් වන අතර, ඒවායේ සැපයුම බාධා වූ විට වාහන කර්මාන්තයද විශාල ලෙස බලපෑම් වලට ලක් විය හැක. මෙම ගැටුම මීට පෙරද ලෝක වාහන කර්මාන්තයට බලපෑමක් සිදුකර තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී, නෙදර්ලන්තය විසින් Nexperia සමාගම චීන මව් සමාගම වන Wingtech වෙතින් පාලනයෙන් ඉවත් කළ පසු, චීනය විසින් Nexperia chip අපනයනය පිළිබඳ පාලන පියවර ගත්තා. එම පියවර හේතුවෙන් ලෝක වාහන නිෂ්පාදන සැපයුම් දාමය බාධා විය.

දැනට ඇති නව ගැටුම තවත් උණුසුම් වී ඇත්තේ Nexperia හි චීන අංශය විසින් නෙදර්ලන්ත මූලස්ථානයට චෝදනා කිරීමෙන් පසුවය. ඔවුන් පවසන්නේ Netherlands හි headquarters විසින් චීනයේ සේවකයන්ගේ office accounts සියල්ල අක්‍රිය කර ඇති බවයි. ඒ අනුව සමාගමේ දෛනික කාර්යයන් සහ නිෂ්පාදන ක්‍රියාවලියට බාධා ඇති වී ඇති බව චීන අංශය පෙන්වා දෙයි. මෙයට ප්‍රතිචාර ලෙස චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ, මෙම පියවර සමාගම් දෙක අතර සාකච්ඡා තවදුරටත් අපහසු කරමින් නව ගැටලු සහ බාධක ඇති කර ඇති බවයි. එමෙන්ම මෙය ලෝක semiconductor සැපයුම් දාමය නැවතත් අර්බුදයකට ගෙන ගියහොත් ඒ සඳහා වගකීම නෙදර්ලන්තය භාර ගත යුතු බවද ඔවුන් අවධාරණය කළේය. කෙසේ වෙතත් Nexperia හි නෙදර්ලන්ත අංශය මෙම චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නොකළත්, එම IT පියවර නිසා චීනයේ Guangdong ප්‍රදේශයේ පිහිටි assembly සහ testing facility හි නිෂ්පාදන කටයුතු බාධා වූ බවට පැවසෙන දේ ඔවුන් අභියෝගයට ලක් කර ඇත.

Wingtech පාලනය ඉවත් කිරීමෙන් පසු, Nexperia හි චීන අංශය තමන් Netherlands මව් සමාගමෙන් ස්වාධීන බව ප්‍රකාශ කර ඇති අතර, එතැන් සිට දෙපාර්ශවයම එකිනෙකාට (bad-faith negotiations පිළිබඳ) චෝදනා එල්ල කරමින් සිටී. මේ අතර Netherlands මූලස්ථානය චීනයේ Guangdong කර්මාන්තශාලාවට wafer සැපයුමද නවතා ඇත. චීනය, නෙදර්ලන්තය සහ යුරෝපා සංගමය අතර මැදිහත් සාකච්ඡා පැවැත්වුවද, මෙම ගැටුමට තවමත් ස්ථිර විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. මෙය දිගටම පැවතුනහොත්, ලෝක semiconductor සැපයුමට සහ වාහන කර්මාන්තයට නැවතත් දැඩි බලපෑම් ඇති විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙති.

SL GEEK

Share This Article