මුලු පෘථිවියම “Pause” කරන්න එන ඓතිහාසික සිදුවීම!

Mic
By Mic

GTA 6 ගැන සරලවම කිව්වොත් මේක නිකම්ම නිකන් වීඩියෝ ගේම් එකක් නෙමෙයි. මේක තමයි ලෝකයේ මෙතෙක් හැදුණු මිල අධිකම විනෝදාස්වාද නිෂ්පාදනය. (most expensive entertainment product එක) මේ ගේම් එක හදන්න දැනට ඩොලර් බිලියන 2 කට වැඩි මුදලක් වියදම් වෙලා තියෙනවා.. ඒ කියන්නේ Avengers: Endgame වගේ ෆිල්ම් 4ක් එක දිගට හදන්න යන වියදම.. Burj Khalifa හදන්න ගිහින් තියෙන්නෙත් $1.5 billion වගේ..

අනිත් දේ තමයි මේ ගේම් එක දැන් අවුරුදු 12 ක් 13ක් තිස්සේ හැදෙනවා.. මේ කාලේ ඇතුළේ මුලු ලෝකයම අනිත් පැත්ත හැරුනා. global pandemic එකක් ආවා, AI කියන එක අපේ daily life එක ආවා සහ තව ගොඩක් දේවල් සිද්ධ වුණා.. ඒත් Rockstarලා කිසිම හදිස්සියක් නැතුව රහසින්ම මේ “Vice City” ලෝකය නිර්මාණය කළා…

2023 අන්තිම GTA 6 පලවෙනි trailer එක release උනා. පැය 24කින් YouTube views 93 million. දවස් 5කින් 100 million වගේ views ගාණක් මේ trailer එකට ආවා. ඒ විතරක් නෙවෙයි, 2025 මැද භාගය වෙද්දී මේ ට්‍රේලරය වියුස් මිලියන 200 ඉක්මවලා ගිහින් තියෙනවා.. ඒ වගේම 2025 මැයි වල ආපු trailer එකත් 150 million අධික වියුස් ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට මතක ඇති මේ trailer රිලීස් උනාට පස්සේ ඉන්ටර්නෙට් එකේ තිබ්බ hype එක… මිනිස්සු තවමත් මේක Frame by Frame බලනවා අලුත් දේවල් හොයාගන්න… ඉතිං trailer එකට මෙහෙම නම් මේ වගේ ගේම් එකක් launch කරන දවසට මොන වගේ දෙයක් මේ ලෝකෙට වෙයිද..

අපිට අනිවා සර්වර් crash වෙන එක බලාගන්න පුලුවන් වෙයි. මොකද GTA 5 Online launch එකේදි, Fortnite එකේ ‘Black Hole’ ඉවෙන්ට් එක වෙලාවේ, Cyberpunk 2077 launch එක වෙලාවෙත් මේ වගේ server crash වීම් සහ delay තිබිලා තියෙනවා. GTA 5 Online launch එක වෙලාවෙ වුන servers down එකේදි Rockstar එකෙන් players ලාට $500,000 ක in-game cash පවා දීලා තියෙනවා apology එකක් විදිහට.. ඉතිං GTA 6 එකේදිත් අපිට මේ දේ බලාගන්න පුලුවන් වේවි.. මෙවර මේක පාලනය කරන්න Rockstar සමාගම Microsoft Azure සහ Amazon Web Services (AWS) වගේ දැවැන්ත Cloud Infrastructure එක්ක එකතු වෙලා අතිවිශාල සර්වර් ජාලයක් සූදානම් කරමින් ඉන්නේ..

Launch day එක දවසේ ලොව පුරා ඔපිස් වල Leave Requests වැඩි වෙයි කියලා තමයි විශ්ලේෂකයෝ කියන්නේ.. ලෝක ආර්ථික විශ්ලේෂකයෝ කියන්නවා එදාට ලොව පුරා සේවක කාර්යක්ෂමතාවයේ පහත වැටීමක් වෙයි කියලා. පාසල් සහ කැම්පස් වල ලෙක්චර් hall එදාට ගොඩක් හිස් වේවි. තරුණ පරම්පරාව එදාට ගොඩක් අසනීප නිවාඩු දායි.. මේකට හේතුව වෙන්නේ GTA 6 target demographic එක 16 – 35 පරම්පරාව.. ඒ කියන්නේ පොඩි කාලේ GTA Vice City, San Andreas, GTA V සෙල්ලම් කරපු අපි සහ අලුතින්ම GTA 6 සෙල්ලම් කරන්න එන අය..

මේක ලෝකේ වටේ තියෙන ආදර සම්බන්ධතා වලටත් ලොකු බලපෑමක් කරයි.. “ඔයා තාමත් ඕක ගහනවද?” කියන වචනය ලෝකේ පුරාම නිවෙස් වල මිලියන වාරයක් ඇහෙයි.. අළුත් ගේම් එකක් එනවා කියන්නේ ලෝකේ වටේම තරුණයෝ තමන්ගේ පෙම්වතියන්ව සහ පවුලේ අයව සති කිහිපයකට අමතක කරනවා කියන එකයි…

2020, Cyberpunk 2077 launch day එකේදි Steam CDN එකට 51 Tbps වගේ Peak Traffic එකක් ඇවිල්ලා තියෙනවා.. Cyberpunk කියන්නේ 70GB වගේ ගේම් එකක්. GTA 6 එක +200GB/ +300GB වගේ වෙයි කියලා තමයි estimate කරන්නේ.. ලෝකෙ වටේ මිලියන ගාණක පිරිසක් එකපාරට ගේම් එක download කරයි.. major game launches වලදි global internet backbone traffic 30-50% spike කරනවා කියලා research වලින් හෙළිවෙලා තියෙනවා.. ඉතිං අපි බලමු එදාට Internet එකට මොකක් වෙයිද කියලා..

GTA 6 එක ගැන පොඩ්ඩක් කතා කලොත් මේකේ එන AI පද්ධතිය කෙතරම් දියුණුද කියනවා නම්, පාරේ ඉන්න මිනිස්සුන්ගේ (NPCs) හැසිරීම් කලින් ගේම් වල වගේ එකම රටාවකට වෙන්නේ නැහැ. සතුන්ට පවා තමන්ගේම “මතකයක්” සහ හැසිරීමක් තියෙනවා. මේ ගේම් එකේ වතුර (Water Physics) හදන්න Rockstar එක වෙනම තාක්ෂණික කණ්ඩායමක් අවුරුදු ගණනාවක් යෙදෙව්වා. මුහුදු රළ සහ වතුරේ හැසිරීම සැබෑ ලෝකයට වඩාත් සමානයි. ගොඩනැගිලි වල ඇතුළත (Interiors) වෙනදාට වඩා 70%කට වඩා වැඩි ප්‍රමාණයකට ඇතුල් වෙන්න පුළුවන් කියලා වාර්තා වෙනවා…

ලංකාවේ වැඩිය වෙන එකක් නැති උනත් එදාට USA, Europe පැති වල UberEats, DoorDash සහ Pizza Chain වලට තමන්ගේ ඉතිහාසයේ කාර්යබහුලම දවසකට මුහුණ දෙන්න සිදු වේවි..

PS5 සහ Xbox සේල්ස් ඉහළ යන්න පටන් ගනී.. අලුත් TV, Headsets සහ Console Upgrades වලට මිනිස්සු පෝලිම් ගැහෙයි.. YouTube එකේ Twitch එකේ Kick එකේ live game play streams දහස් ගාණක් තියෙයි. TikTok එකේ IG එකේ Facebook එකේ short clips viral වෙයි. Reddit එකේ X එකේ මිනිස්සු සති මාස ගණන් මේ ගැන කතා කරයි..

GTA 5 launch day එකේ revenue එක $800 million ක්.. අපිට estimate කරන්න පුලුවන් GTA 6 එකට ගිය මුලු මුදල Rockstarලට දවස් කිහිපයකින් (හෝ maybe පැය කිහිපයකින්) හොයාගන්න පුලුවන් වෙයි කියලා..

මේක just product release එකක්, game release එකක් නෙමෙයි ඓතිහාසික මොහොතක් වේවි.. අවුරුදු ගාණක බලාපොරොත්තුවක්.. ඩොලර් බිලියන 2කට වැඩි ආයෝජනයක්..

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article