ෆෝන් අප්ඩේට් කරාම එන “Green Line” ශාපය (ග්ලූ එක දියවෙන කතාව ඇත්තද?)

Mic
By Mic

මචං ලක්ෂ ගණන් දීලා ගත්ත ෆෝන් එකක් අප්ඩේට් කරලා ඉවර වෙද්දී, එකපාරටම ඩිස්ප්ලේ එක මැද්දෙන් කොළ පාට ඉරක් ආවොත් කොහොමද දැනෙන්නේ? පට්ටම අවුල් නේද? ගොඩක් උන් හිතන්නේ මේක Software බග් එකක් කියලා. තවත් සමහරු කියන්නේ අප්ඩේට් වෙද්දී ෆෝන් එක රත් වෙලා ඩිස්ප්ලේ එක අලවලා තියෙන ග්ලූ එක දියවෙනවා කියලා. හැබැයි බන්, මේකෙ ඇත්තම කතාව ඊට වඩා ගොඩක් වෙනස්!

ලෝකේ පිළිගත් Display Engineers ලා සහ Repair Experts ලා කියන ඇත්තම විද්‍යාත්මක කතාව මේකයි

🕵️‍♂️ 1. මොකක්ද බන් මේ Green Line එක?

මේක Software අවුලක් නෙමෙයි මචං, මේක OLED ඩිස්ප්ලේ වල එන Hardware ලෙඩක්. අලුත් ෆෝන් වල තියෙන AMOLED ඩිස්ප්ලේ හදලා තියෙන්නේ RGBG PenTile කියන තාක්ෂණයෙන් නිසා, ඒකේ කොළ පාට (Green) පික්සල් ටික තියෙන්නේ එක දිගට තීරුවක් වගේ. ඉතින් ඩිස්ප්ලේ එකට කරන්ට් එක ගෙනියන කේබල් එකේ කනෙක්ෂන් එක පොඩ්ඩක් හරි කැඩුණම අර මුළු තීරුවම කොළ පාටින් පත්තු වෙලා හිර වෙනවා. අන්න ඒකයි හරියටම කොළ පාට ඉරක් එන්නේ.

2. අප්ඩේට් වෙද්දී අර “ACF Glue” එක දියවෙනවා කියන කතාව ඇත්තද?

ඩිස්ප්ලේ කේබල් අලවන්න පාවිච්චි කරන ACF මැලියම් දියවෙන්න නම් 150–200 °C ක විතර රස්නයක් ඕනේ. හැබැයි ලොකු අප්ඩේට් එකක් යද්දි වුණත් ෆෝන් එකක් උපරිම රත් වෙන්නේ 40–60 °C වගේ ගාණකට විතරයි. ඒ නිසා “එක අප්ඩේට් එකකින් ග්ලූ එක දියවෙනවා” කියන කතාව විද්‍යාත්මකව පට්ටපල් බොරුවක් බන්. හැබැයි කාලයක් තිස්සේ ෆෝන් එක රත් වෙද්දි සහ අපේ පරිසරයේ තියෙන තෙතමනය නිසා මේ මැලියම් වල ශක්තිය ටිකෙන් ටික අඩු වෙලා යන එක තමයි ඇත්තටම වෙන්නේ.

3. එහෙනම් ඇයි බන් අප්ඩේට් කරද්දිම මේක එන්නේ?

ඔයා OS අප්ඩේට් එකක් කරද්දී ෆෝන් එකේ Processor එක උපරිමයෙන් වැඩ කරන නිසා ෆෝන් එක එකපාරටම රත් වෙලා ආයෙත් නිවෙනවා (මේකට කියන්නේ Thermal stress කියලා). මේ විදිහට රත් වෙලා නිවෙනකොට ඇතුලේ තියෙන වීදුරු සහ කේබල් ප්‍රසාරණය වෙලා සංකෝචනය වෙනවා. ඉතින් දැනටමත් දුර්වල වෙලා තියෙන ඩිස්ප්ලේ කේබල් එකක් මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම ගැලවිලා යන්න මේක ලොකු හේතුවක් වෙනවා.

ඒ වගේම අප්ඩේට් එකෙන් පස්සේ ඩිස්ප්ලේ එකට යන වෝල්ටීයතාවය (Voltage) සහ Refresh rate එක එකපාරටම වෙනස් වෙන්න පුළුවන්. මේ අලුත් වෙනස්කම් දරාගන්න බැරි වුණාමත් අර දුර්වල වෙලා තිබුණු කේබල් එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැතුව යනවා.

කෙටියෙන්ම කිව්වොත්, අප්ඩේට් එක කියන්නේ ප්‍රශ්නෙට මුල නෙමෙයි. ඒක දැනටමත් ෆෝන් එක ඇතුලේ හැංගිලා තිබුණු ලෙඩේ එළියට දාන Trigger එකක් විතරයි!….

4. කම්පැණි වලින් කරපු හොරේ මාට්ටු!

මේ ලෙඩේ Samsung, OnePlus, Oppo, Vivo, Motorola, වගේම iPhone කියන හැම බ්‍රෑන්ඩ් එකකම වගේ එනවා. මේ හැම ෆෝන් එකකම තියෙන පොදු දේ තමයි, මේවායේ තියෙන්නේ Samsung Display ආයතනයෙන් හදපු OLED පැනල් වීම.

විශේෂයෙන්ම ඉන්දියාව සහ අපි වගේ ආසියාවේ රස්නේ සහ තෙතමනය වැඩි රටවලට ආපු ෆෝන් වල මේ ප්‍රශ්නේ ගොඩක් වැඩියි. OnePlus, Samsung වගේ සමාගම් සමහර රටවලදී මේකට නොමිලේ ඩිස්ප්ලේ මාරු කරලා දෙන්නේ, මේක එයාලගේ Manufacturing Defect එකක් (නිෂ්පාදන දෝෂයක්) කියලා වක්‍රාකාරව පිළිගන්න නිසා තමයි.

🛠️ 5. Experts ලා දෙන අවසන් තීරණය:

iFixit වගේ ලෝකේ පිළිගත් Repair ආයතන කියන විදිහට මේක 100% ක්ම Hardware අවුලක් මචං. මේ ඉර ආවට පස්සේ ෆෝන් එක Factory Reset කරත්, Safe Mode දැම්මත් මේක යන්නේ නෑ. මේකට තියෙන එකම සහ ස්ථිරම විසඳුම ඩිස්ප්ලේ එක අලුතින්ම මාරු කරන එක විතරයි.

උඹේ හරි උඹේ යාලුවෙක්ගේ හරි ෆෝන් එකක මේ Green line ප්‍රශ්නේ ඇවිත් තියෙනවද? ෆෝන් එකේ මොඩල් එක කමෙන්ට් කරපන් බලන්න!.. 👇 අනිවාර්යයෙන්ම කොල්ලන්ටත් දැනගන්න මේ ඇත්ත කතාව Share කරපන්.

උපුටා ගැනීම : TECH SONA

Share This Article