| Bangladesh becomes the first South Asian country to get Starlink’s Direct-to-Device service.

Mic
By Mic

බංග්ලාදේශය වෙත Starlink සමාගමේ direct-to-device චන්ද්‍රිකා සන්නිවේදන පහසුකම හඳුන්වා දීමට එරට ප්‍රමුඛ පෙළේ විදුලි සංදේශ සමාගමක් වන Banglalink කටයුතු කර තිබෙනවා. මෙමඟින් සාමාන්‍ය සන්නිවේදන කුළුණු මඟින් ආවරණය නොවන දුර බැහැර ප්‍රදේශවලට පවා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සෘජුවම සන්නිවේදන සේවා සැපයීමට හැකියාව ලැබෙනවා. VEON සමූහ ව්‍යාපාරය යටතේ Starlink මෙම සුවිශේෂී තාක්ෂණය සිය පාරිභෝගිකයන් වෙත රැගෙන ආ පළමු දකුණු ආසියානු රට බවට බංග්ලාදේශය පත්වීම විශේෂත්වයක්.

මෙම නවතම තාක්ෂණය නිසා පරිශීලකයන්ට කිසිදු අතිරේක උපාංගයක් නොමැතිව තමන් සතු සාමාන්‍ය 4G LTE ස්මාර්ට් දුරකථන හරහාම සෘජුවම චන්ද්‍රිකා ජාලය සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව හිමිවනවා. විශේෂයෙන්ම ස්වාභාවික විපත් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ගොඩබිම් සන්නිවේදන පද්ධතීන්ට හානි සිදුවන අවස්ථාවලදී මෙන්ම සන්නිවේදන පහසුකම් අවම දුරස්ථ ගම්මානවල වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවගේ දෛනික සහ ආර්ථික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට මේ හරහා විශාල පිටුවහලක් ලැබෙනු ඇති බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

පසු ගියදා ශ්‍රී ලංකාවට බල පැවැත් වූ Ditwah ව්‍යසනයේදී මෙම පහසුකම ලබා දී තිබුනේ නම් බොහෝ ජීවිත ආරක්ෂා කරගැනීමට හැකියාව තිබුනි.

ඔයාගේ අදහස මොකක්ද මේ ගැන මේ පහසුකම ලංකාවට ආවොත් ගන්නවද නැත්තන් තියෙන service ටික හොඳයිද?

උපුටා ගැනීම : The Sri COM

Share This Article