Git-hub එකට කලින් hack උණු Grafana !

Mic
By Mic

දැන් කට්ටිය Git-hub එක ගැන බය වෙලා හිටියට දන්නෙම නැතුව තවත් එකකට shot එක හම්බෙලා කියලා දන්නවද?

සමහර විට දන්නවත් ඇති. සමහරු දන්නෙත් නැතුව ඇති මේක ගැන නම්. හරි හරි මචං Git-hub එක ගැන බය වෙන්නෙපා. කියන විදියට repos 3000-4000 ක් වගේ පොඩි ගානක්නේ. ඔව්ව මොනාද ලංකාවේ වෙන දේවල් එක්ක. ☠️🤌🏻

Grafana ගැන කෙටියෙන් කිව්වොත් Grafana කියන්නේ අපි Systems වල තියෙන Data, visualize Dashboards වලින් බලාගන්න පාවිච්චි කරන සුපිරිම Open source Tool එකක්.

කොහොමද කරන්නේ කියලා අහන්නෙපා ඉතින්. youtube එකේ වත් බලන්න වෙයි..!

IT Infrastructure වල Monitoring වලට, SOC වල Alerts බලාගන්න වගේ දේවල් වලට මේක සුපිරි.. Tech, Finance වගේම ලෝකේ තියෙන ලොකුම Industries ඔක්කොම වගේ මේක use කරනවා.

Git-hub එක hack වෙන්න කලින් මේ Grafana වලට වැඩේ පත්තු උනේ. මෙයාලා කියන විදියට මේක වෙලා තියෙන්නේ සාමාන්‍ය Ransomware Attack එකකින් නෙවෙයි.

මේකට මුල “TanStack” කියන npm supply chain attack එක. ලොකුම ප්‍රශ්නේ ඒකෙන් එයාලගේ GitHub workflow token එකක් attackers ලා අතට හම්බෙලා තියෙනවා.

Grafana එකේ අය අදාළ Tokens ඔක්කොම Rotate කරත් එක Token එකක් Miss වෙලා වෙලා තියෙනවා. අන්න ඒ vulnerability එකෙන් ප්‍රයෝජන ගත්ත “Coinbase Cartel” කියන හැකර් සෙට් එක Grafana එකේ Source Code එක සහ Business එකට අදාළ දත්ත ටිකක් බාගෙන තියෙනවා..

ඔය හැමෝම 99% sure කිව්වට ඔය එකකකින් කොරලා තියෙන්නේ වැඩක්. කල්පනා කරලා බලන්න. 🫩

මේක Extortion Attempt එකක් හින්දා Ransom එකක් ඉල්ලලා තිබ්බට Grafana එක ගෙවන්න එකඟ වෙලා නැහැ කියලා මෙයාලගේ sources කියනවා.

කොහේ ගෙවන්නද බන් ඉතින්..? 🤌🏻 හැබැයි ඉතින් බඩු හම්බුනේ නැති නිසා උස්සපු Code එක සහ Data ටික Dark Web එකේ Forums වල විකුණන්න දාන්නත් පුළුවන් ඉතින්. ☠️

හබැයි Grafana සමාගම තහවුරු කරලා තියෙනවා මේකෙන් කිසිම Customer Production Data එකක් හෝ System එකක් Hack වෙලා නැහැ කියලා. ඒ වගේම එයාලගේ Code එක වෙනස් කරලත් නැහැ. ඒ නිසා ඔයාලා පාවිච්චි කරන Grafana Dashboards වලට දැනට කිසිම අවදානමක් නැ කියලා කියනවා.

ඉස්සහරට වෙන්න තියෙන දේවල් එක්ක මෙන්න මේ ‘Supply chain Attacks” කියන එක ගොඩක් වැදගත් topic එකක් අනිවරෙන්. දැනටමත් EU රවටල් වල ගොඩක්ම Target වෙන්නේ මොකක් හරි Supply chain එකක්.

ඇයි ? මොකද මෙකකින් වෙන හානිය ටිකක් වැඩි. එකෙක්ට කෙල උනාම පෝලිමට ඉතුරු ටිකටත් බඩු හරි.

Safe Online 🤍

උපුටා ගැනීම : Dilsara Sandun

Share This Article