ඔයා Anthropic සමාගමේ Claude AI ගැන අහලා ඇතිනේ. මෙන්න දැන් ඒ කට්ටිය එයාලගේ බලගතුම සහ රහසිගතව තියාගෙන හිටපු AI Model එකක් වෙන Claude Mythos පොදු ජනතාවට නිකුත් කරන්න සූදානම් වෙනවා කියලා අලුත්ම තොරතුරු වාර්තා වෙනවා.
මේ අලුත් Model එක Claude Code සහ අලුතින් හදපු Claude Security Dashboard එක හරහා Mythos 1 කියන නමින් හඳුන්වා දෙන්නයි එයාලා ලෑස්ති වෙන්නේ. විශේෂයෙන්ම Enterprise පාරිභෝගිකයන් වෙනුවෙන් තමයි මේකේ සේවාවන් සමීප කරවන්නේ.
ඇත්තටම Anthropic සමාගම මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ Project Glasswing කියන රහසිගත Cybersecurity වැඩපිළිවෙළ යටතේ මේ Model එක තෝරාගත් ආයතන කීපයකට විතරක් පාවිච්චි කරන්න දීලා තිබුණා. ඒ හරහා සති කිහිපයක් ඇතුළත ලොකු ආරක්ෂක දුර්වලතා 10,000 කට වඩා හොයාගන්න මේ සුපිරි AI එකට පුළුවන් වෙලා තියෙනවා.
ඉතින් මේ වගේ ප්‍රබල AI Model එකක් හැමෝටම පාවිච්චි කරන්න ලැබෙන එක ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න.
උපුටා ගැනීම : Shalinda Jayasinghe
