ලෝකෙ ලොකුම Tech සමාගමකටත් AI පාවිච්චි කරන්න ගියාම සල්ලි ප්‍රශ්න එනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? ඔන්න මරු වැඩක් වෙලා තියෙනවා. හැමෝම හිතුවේ මිනිස්සුන්ට වඩා AI ලාභයි කියලා වුණත්, Microsoft සමාගමට දැන් තමන්ගේම AI එක මිනිස්සුන්ට වඩා ලාභයි වගේ කියලා හිතෙන්න පටන් අරන්.
ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ වෙනස්ම කතාවක්. Microsoft සමාගමේ ඉංජිනේරුවෝ වැඩ කටයුතු ලේසි කරගන්න Anthropic සමාගමේ Claude Code කියන AI Tool එක පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මේකට යන Token Billing එක, ඒ කියන්නේ ඒ වෙනුවෙන් වැයවෙන මුදල දරන්න බැරි තරමටම වැඩි වෙලා.
මේ හේතුව නිසා Microsoft සමාගම තමන්ගේ සේවකයන්ට Claude Code පාවිච්චි කරන එක නතර කරලා තියෙනවා. ඒ වෙනුවට දැන් එයාලගේම නිෂ්පාදනයක් වෙන GitHub Copilot එක විතරක් පාවිච්චි කරන්න කියලා නියෝග කරලා තියෙනවා.
ඩොලර් ට්‍රිලියන 3 කට වඩා වටිනාකමක් තියෙන Microsoft වගේ දැවැන්ත සමාගමකටත් තමන්ගේ ඉංජිනේරුවන්ට AI පාවිච්චි කරන්න වෙනමම AI Budget එකක් දාන්න වෙලා තියෙන එක පුදුමයක් නේද? ඉතින් හැමෝම කියන තරමටම AI ලාභයි කියලා ඔයා හිතනවාද? මේ ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න.
උපුටා ගැනීම : Shalinda Jayasinghe
