ChatGPT භාවිත කරන ඔබට වැදගත් වන නව Privacy Feature එකක් වන Locked Chats දැන් හඳුන්වා දී තිබෙනවා. මේ හරහා ඔබට අවශ්‍ය ChatGPT conversations සාමාන්‍ය Chat History එකෙන් සඟවා, PIN එකක් හෝ සහාය දක්වන Mobile Device Authentication ක්‍රමයක් භාවිත කර ඒවාට ප්‍රවේශ වීම සීමා කළ හැකියි.
OpenAI හි නිල නිවේදනයට අනුව මෙම Feature එක 2026 ඔක්තෝබර් 20 දින හඳුන්වා දී ඇති අතර, දැනට පරිශීලකයන් වෙත ක්‍රමයෙන් ලබාදෙමින් පවතිනවා.
අපි ChatGPT භාවිත කරන්නේ විවිධ දේවල් සඳහායි. අධ්‍යාපන කටයුතු, රැකියාව, පෞද්ගලික සැලසුම් සහ වෙනත් සංවේදී තොරතුරු සම්බන්ධයෙන් පවා අපි conversations පවත්වාගෙන යනවා.
නමුත් ඔබේ පරිගණකය හෝ ජංගම දුරකථනය වෙනත් කෙනෙකුට පෙන්වන විට, ඔබේ ChatGPT History එකේ තිබෙන conversations ඔවුන්ට පෙනෙන්න පුළුවන්.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස හඳුන්වා දී ඇති Locked Chats පහසුකම මඟින් තෝරාගත් conversations වෙනම ආරක්ෂිත කොටසක තබාගත හැකියි.
Chat එකක් Lock කළ පසු එය සාමාන්‍ය Chat History, Pinned Chats සහ සාමාන්‍ය Conversation Search ප්‍රතිඵලවලින් ඉවත් වෙනවා. නැවත එයට ප්‍රවේශ වීමට ඔබේ Account PIN එක හෝ සහාය දක්වන Device Authentication ක්‍රමයක් අවශ්‍ය වෙනවා.
Chat එකක් Lock කරන්නේ කොහොමද?
1. ChatGPT විවෘත කර Lock කිරීමට අවශ්‍ය Conversation එක තෝරන්න.
2. එම Chat එකේ Three-dot menu (•••) එක විවෘත කරන්න.
3. Lock chat යන Option එක තෝරන්න.
4. නැවත තහවුරු කිරීමෙන් පසු ඔබේ ඉලක්කම් හතරක PIN එකක් සාදන්න හෝ දැනට ඇති PIN එක ඇතුළත් කරන්න.
5. ඉන්පසු එම Conversation එක Locked Chats කොටසට ගෙන යනු ලබනවා.
6. Locked Chats වෙත නැවත යාමට Sidebar එකේ Projects → Locked chats වෙත පිවිස PIN එක ඇතුළත් කරන්න.
iPhone හි සහාය දක්වන උපාංගවල Face ID හෝ Touch ID භාවිත කළ හැකි අතර, Android උපාංගවල Device Unlock ක්‍රමය භාවිත කළ හැකියි.
මෙම Feature එක ගැන දැනගත යුතු වැදගත් සීමාවක් තිබෙනවා.
Locked Chats මඟින් Chat එක සාමාන්‍ය Interface එකෙන් සඟවා ප්‍රවේශය සීමා කරන නමුත්, එය End-to-End Encryption ලබාදෙන ක්‍රමයක් හෝ වෙනම Encrypted Vault එකක් නොවෙයි.
තවත් වැදගත් කරුණක් වන්නේ ඔබේ PIN එක අමතක වී එය Reset කළහොත්, Locked Chats සියල්ල සහ ඒවාට පමණක් අදාළව ආරක්ෂා කර ඇති තොරතුරු ස්ථිරව මැකී යා හැකි වීමයි. OpenAI Support හරහා එම මැකුණු අන්තර්ගතය නැවත ලබාගත නොහැකියි. එබැවින් PIN එක ආරක්ෂිතව මතක තබාගැනීම ඉතා වැදගත්.
OpenAI හි නිල තොරතුරු අනුව Locked Chats පහසුකම Free, Go, Plus, Pro, Business, Enterprise සහ Edu Plans සඳහා ක්‍රමයෙන් ලබාදෙමින් පවතිනවා.
Web, iOS, Android සහ නව ChatGPT Desktop App සඳහා මෙය ලබාදෙන නමුත්, සෑම Account එකකටම එකවර Feature එක පෙනෙන්නේ නැහැ.
ඔබේ ChatGPT එකේ Lock chat Option එක තවමත් නොපෙනේ නම්, එය ඔබේ Account එකට ලබාදීම තවම සිදුවී නොතිබිය හැකියි.
Lakshan Weerasingha
