Claude Opus 4.8 is live

Mic
By Mic

Anthropic සමාගම සිය නවතම AI මොඩල් එක වන Claude Opus 4.8 අද දින නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.. පෙර සංස්කරණ වලට වඩා තීරණාත්මක තීන්දු ගැනීමේ හැකියාව (Sharper judgment) සහ Work independently for longer කිරීමේ හැකියාව මෙහි ඉහළ නංවලා තියෙනවා..

වඩාත්ම සුවිශේෂී පුවත වන්නේ මීට සමගාමීව හඳුන්වා දී ඇති Fast mode පහසුකමයි. එමඟින් Opus 4.8 පෙරට වඩා 2.5 ගුණයක වේගයකින් ලබාගත හැකි අතර, එහි මිල ද තුන් ගුණයකින් අඩු කිරීමට Anthropic සමාගම පියවර ගෙන තිබෙනවා..

Claude Code තුළ /fast විධානය මඟින් මෙය සක්‍රීය කරගත හැකිය. මෙහිදී Opus 4.8 මාදිලිය අත්දැකීම් බහුල ඉංජිනේරුවෙකු මෙන් නිතර නිතර විමසීම් (Check-ins) සිදු නොකර, ඔබේ Code Repository එක තුළ ඇති Bugs නිවැරදි කිරීම හෝ නව විශේෂාංග ඇතුළත් කිරීම වැනි කාර්යයන් ස්වාධීනව සිදු කරනවා..

මීට අමතරව Claude Code වෙත අලුතින්ම Dynamic Workflows (Research preview) තාක්ෂණය ද හඳුන්වා දී ඇත. මේ හරහා ඉතාම සංකීර්ණ සහ අපහසු කාර්යයන් සඳහා Claude විසින්ම සැලසුමක් සකස් කර, ඒ වෙනුවෙන් Parallel subagents සිය ගණනක් මෙහෙයවමින්, කාර්යය අවසානයේ එහි නිවැරදිභාවය ද තහවුරු කර වාර්තා ලබා දීමට කටයුතු කරයි..

උපුටා ගැනීම :Dinith Maleesha

Share This Article