Google සමාගම මේ පාර Google I/O 2026 එකේදී එයාලගේ අලුත්ම “Universal Cart” එක introduce කරලා තියෙනවා. මේක නිකම්ම cart එකක් නෙමෙයි, සම්පුර්ණයෙන්ම Gemini AI එකෙන් run වෙන smart assistant කෙනෙක් වගේ. හිතන්නකෝ ඔයා YouTube එකේ video එකක් බලන ගමන් හරි, Gmail එකේ mail එකක් කියවන ගමන් හරි දකින product එකක් කෙලින්ම මේ cart එකම add කරන්න පුළුවන් කියලා.
එතනින් එහාට වැඩේ භාරගන්නේ AI එකෙන්. ඔයා දාපු item එකේ ගාණ අඩු වෙනවද, stock ඉවර වෙලා ආයේ ආවද වගේ දේවල් background එකේ track කරලා ඔයාට alert කරන එක Gemini ගේ වැඩක්.
මේ feature එක U.S. වලට මුලින්ම ආවත්, ගෝලීයව online shopping කරන ලංකාවේ අපිට මේක ගොඩක් වැදගත් විදිහට බලපානවා.
ගොඩක් අය AliExpress, Amazon වගේ sites වලින් හරි පිටරට brands වලින් හරි බඩු ගෙන්නද්දී price drops වෙනකන් බලන් ඉන්නවනේ. මේ Universal Cart එකට ඒක තනියම track කරන්න පුළුවන් නිසා, අපේ අතින් ඩොලර් ටිකක් හරි ඉතුරු කරගන්න මේක ලොකු උදව්වක් වෙයි.
Eg. කොහෙන් හරි PC එකක් build කරන්න කෑලි හොයන කෙනෙක්ට මේක මාරම වටිනවා. ඔයා cart එකට දාන parts එකිනෙකට ගැලපෙන්නේ නැත්තම්, AI එකෙන් proactively ඒක අඳුරගෙන “මේක ගැලපෙන්නේ නෑ, වෙන එකක් ගන්න” කියලා alternatives පවා suggest කරනවා.
Google Wallet එකත් එක්ක connect වෙන නිසා, ඔයාගේ cards වල තියෙන offers, loyalty points ගැන මතක් කරලා දෙන එකත් මේ cart එකෙන් කරනවා. ලංකාවේ local merchants ලට කෙලින්ම Google Pay checkout එක එන්න කල් ගියත්, international purchases වලදී මේකෙන් ලොකු කාලයක් ඉතුරු කරගන්න පුළුවන්.
දැනගන්න ඕනේ දේ:
Cross-platform Shopping: Google Search, Gemini, YouTube, සහ Gmail කියන ඕනෙම තැනක ඉඳන් එකම Universal Cart එකකට බඩු එකතු කරන්න පුළුවන්.
Auto Price Tracking: Cart එකට දාපු ගමන් AI එකෙන් deals සහ price drops හොයලා ඔයාව දැනුවත් කරනවා.
Intelligent Reasoning: ගැළපෙන්නේ නැති products (උදාහරණයක් විදිහට PC parts) එකට cart එකට දැම්මොත්, AI එක ඒක අල්ලගෙන warning එකක් දෙනවා.
Universal Commerce Protocol: මේකෙන් payment process එක ගොඩක් seamless කරලා, ආරක්ෂිතව check out වෙන්න පුළුවන් විදිහට හදලා තියෙනවා.
ඔබට කරන්න පුළුවන් දේ:
මේ update එක U.S. වලින් පටන් අරන් ළඟදීම අනිත් රටවල් වලටත් roll out වෙන නිසා, ඔයාගේ Google Account එකේ Google Wallet details හරියට update කරලා තියාගන්න.
පිටරටින් බඩු ගෙන්වන අය, මේ Universal Cart එක ආවම items add කරලා price drop alerts වලට ready වෙන්න.
Technology ඔබ ළඟට එන්නකොට ඒකට ready වෙලා ඉන්න. Global trend, local impact — ඒකයි Api කියන්නේ! ![]()
උපුටා ගැනීම : Roarion
