ඔන්න OpenAI සහ Google සමාගමට ආයෙත් මාරම Challenge එකක් Anthropic සමාගමෙන් දීලා තියෙනවා..!
මේ වෙනකොට AI සහ Cybersecurity industry එකේ අය බලන් හිටපු ලොකුම News එකක් වුණු Claude Fable 5 සහ Claude Mythos 5 Anthropic සමාගම Officially Launch කරලා තියෙනවා…![]()
මචං, මම අනික් ඒවා කෙසේ වෙතත් Mythos Launch වෙන්නේ කවද්ද කියලා බල බල හිටියේ. එත් ඇත්තටම ඒක හැමෝටම Public release වෙලාද? නැ..!![]()
![]()
Anthropic සමාගම විසින් මෙතෙක් හදපු Powerful ම Mythos class AI Technology එක තමයි මේ Models දෙක හරහා Launch කරලා තියෙන්නේ…! මේවා කලින් තිබ්බ හැම Claude Model එකකටම වඩා Faster වගේම Autonomous දිගුකාලීන වැඩ කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරපු අලුත්ම Frontier Models දෙකක්..!
මේකෙන් Claude Fable 5 කියන්නේ Anthropic විසින් General Use කරන්න නිකුත් කරපු පළමු Mythos Class AI Model එක.. සමාගම කියන විදිහට මේක මේ වෙනකම් Public කරපු වැඩිම Capable AI Model එක…!
Software Engineering, Research, Data Analysis, Vision Tasks, Knowledge Work සහ Complex Reasoning වගේ Areas වලට මේ Fable 5 සුපිරිම Performance එකක් දෙනවා..!
මේකේ පිස්සු හැදෙන සුපිරිම Capabilities ටිකක් තියෙන්නේ මචං..![]()
කෙලින්ම කිව්වොත් RIP SE තමා කියන්න තියෙන්නේ! හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ මචං, වචනෙට කිව්වට..![]()
Software Engineering Side එක ගතොතෝ Stripe සමාගම විසින් කියන විදිහට මාස ගණනක Engineering වැඩ දවසක් ඇතුලේ කරන්න මේකට පුළුවන්… මෙයාල මේක test කරලා තියෙනවා 50 million code line base එකක් එක්ක.
Screenshots විතරක් බලලා මුළු Web App එකකම Source Code එක ආයේ ලියන්න මේකට පුළුවන්. ඔයාලා අහලා ඇතිනේ “Pokemon FireRed Game” එක ගැන.
මෙන්න මේ Game එක කිසිම External Support එකක් නැතුව, Raw Screenshots විතරක් බලාගෙන ඉවර කරන්න Fable 5 සමත් වෙලා තියෙනවා…!
Knowledge Work සහ Finance ගත්තොත් Hebbia Finance Benchmark වල Senior level Reasoning පැත්තෙන් ගත්තම පට්ටම Accuracy එකක් මේ Model එකට.
Memory සහ Long Context ගත්තොත් මිලියන ගණනක Tokens වල තමන්ගේම Notes පාවිච්චි කරලා Autonomous විදිහට එක දිගට ෆෝකස් එකේ වැඩ කරන්න මේකට පුළුවන්..
මේ පාර Scientific පැත්තටත් ලොකු අවධානයක් දීලා තියෙනවා. මිනිස් සහායක් නැතුව ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය 10 ගුණයකින් වේගවත් කරන්න Mythos 5 එකට පුළුවන් වෙලා තියෙනවා…!
ඇත්තටම මේ වගේ දේවල් එනකොට බයත් හිතෙනවා මචං. මොකද ඊළඟට Doctors ලා මෙව්වගෙන් බලාගෙන බෙහෙත් දෙන්න පුළුවන්.. ![]()
සමස්තය ඕකයි, කොහෙන් නතර වෙයිද කියන්න බැහැ. හැබැයි මේකෙන් පස්සේ ඔය දෙන බලගතු Prompt එකක් යූස් කරලා ෆාමසි වලින් බෙහෙත් ගන්න ලෑස්ති වෙන්නෙපා, අසනීපයක් වුණොත් හොස්පිට්ල් එකකටම පලයල්ලා..! ![]()
Claude Mythos 5 ගත්තොත් මේක හැමෝටම පාවිච්චි කරන්න දෙන්නේ නැහැ.. ලෝකයේ දැනට තියෙන Strongest Cybersecurity Capabilities තියෙන්නේ මේකට..![]()
මම කලින් කිව්වා වගෙ තාමත් දැනට මේක US Government එකත් එක්ක එකතුවෙලා Project Glasswing හරහා Cyberdefenders ලට සහ විශේෂ Infrastructure Providers ලට විතරක් ලබා දෙන Trusted Access Program එකක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ…
කොච්චර බලන් හිටියත් වැඩක් නැහැ පුතා,
සාමාන්‍ය අපිට මේක ගන්න නම් සෑහෙන්න කල් ඉන්න වෙයි. මොකද මෙව්වා පිස්සන්ට අහු වුණාම කරන්නැති දෙයක් නැහැ. Hackers ලා නම් කොහොමත් Officially – Illegal විදිහට වැඩක් ගනීවි.. ![]()
හැබැයි අපේ එවුන්ට මේක හම්බුණොත් මුලින්ම කරන්නේ ටෙස්ට් කරන්න කියලා අල්ලපු ගෙදර එකාගේ Wifi Password ගන්න එක, නැත්නම් බැංකුවක සයිට් එකක් හැක් කරන්න ට්‍රයි කරන එක. ඒවා කරලා ඊට පස්සේ Online Courses කරන්නත් ගනීවි..!![]()
කොහොම වුණත් සමහර Basic Cybersecurity Analysis complete කරගන්න දැන් Mythos එකම ඕනේ වෙන්නේ නැහැ, Fable 5 එක යූස් කරන්න පුළුවන්.
Basic කිව්වට තරමකට වැඩක් ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් Keyloggers හදන්න, Malware හදන්න බෑ පුතේ..!
Security feature එකක් විදියට , Fable 5 එකෙන් Cybersecurity, Biology, නැත්නම් Chemistry වගේ Important Fields වලට අදාළ ප්‍රශ්න ඇහුවොත්, ඒ Request එක කෙලින්ම Claude Opus 4.8 කියන කලින් ආපු AI Model එකට Reroute කරනවා..!
ඒ වගේම ඔයා මේ Model එක පාවිච්චි කරලා වෙනත් AI Model එකක් Train කරන්න හදනවා කියලා මාට්ටු වුණොත්, අන්න ඒ Requests පවා Auto මාරු වෙන්නේ Opus 4.8 එකටයි..
හැබැයි normal sessions වලටත් මේකේ වෙන්න පුළුවන් කියනවා වගේම පැය 1000 කට වඩා වැඩි Red Teaming පරීක්ෂණ වලින් පස්සෙත් මේකේ Universal Jailbreaks මොකුත් හොයාගන්න හම්බෙලා නැහැ කියලා Anthropic සමාගම සහතික වෙනවා… ![]()
Claude කිව්වම මතක් වෙන්නේ Token limits නේ. මේ Models දෙකේම API මිල වෙන්නේ 1 Million Input Tokens වලට $10 ක් සහ Output Tokens වලට $50 ක් විදිහට..
ගන්න එවුන් ඉන්නවා නම් එයාලගේ Web එකේ හොයලා බලපල්ලා. ඒ එක්කම මේකට කලින් එකේ වගේම විස්තරාත්මක System Card PDF එකක් දාලා තියෙනවා..
කියන්න තියෙන්නේ AI එක තවත් වෙනස්ම Level එකකට ගිහින් කියලා තමයි. මෙහෙම ගියොත් මිනිස්සුන්ට ගොඩක් දේවල් මිස් වෙයි කියලා හිතෙන්නේ නැද්ද..?
Safe online
!
උපුටා ගැනීම : Dilsara Sandun
