McKinsey & Company පර්යේෂණයකට අනුව, ඉන්දියාවේ Millennials පරම්පරාවෙන් 84%ක් භාණ්ඩ සෙවීම, මිල ගණන් සංසන්දනය කිරීම සහ මිලදී ගැනීමේ තීරණ ගැනීම සඳහා AI තාක්ෂණය භාවිත කරන බව අනාවරණය වී තිබෙනවා. විශේෂත්වය වන්නේ Gen Z පරම්පරාවේ එම භාවිතය 74%ක් වීමයි. Gen X අතරද එය 74%ක් වන අතර Baby Boomers අතර 56%ක් ලෙස වාර්තා වෙනවා.
2026 ජුනි මාසයේ රටවල් 11ක පාරිභෝගිකයන් 21,000කට ආසන්න පිරිසක් ඇසුරින් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව, ඉන්දියාවේ සමස්ත AI Shopping Adoption අගය 76%කි. චීනය 80%ක් සමඟ ඉදිරියෙන් සිටින අතර ගෝලීය සාමාන්‍යය 53%ක් ලෙස වාර්තා වෙනවා. එමෙන්ම ඉන්දියාවේ AI භාවිත කරන්නන්ගෙන් 87%ක් AI Chat සහ Search Tools විශ්වාස කරන බවත් අනාවරණය වී තිබෙනවා.
මෙම පර්යේෂණයේදී AI Shopping ලෙස සලකා ඇත්තේ පසුගිය මාස තුන තුළ අවම වශයෙන් එක් Shopping කාර්යයක් සඳහා හෝ AI භාවිත කිරීමයි. ඒ අනුව මෙම ප්‍රතිශතයෙන් AI විසින්ම භාණ්ඩ මිලදී ගන්නා පිරිස නිරූපණය වන්නේ නැහැ. කෙසේවෙතත්, පාරිභෝගිකයන් භාණ්ඩ සොයන සහ මිලදී ගැනීමට තීරණය කරන ආකාරය තුළ AI තාක්ෂණයට වැඩි වැදගත්කමක් හිමිවෙමින් පවතින බව මෙම ප්‍රතිඵල පෙන්වා දෙනවා.
Red Bunny
