අපිට files save කරන්න cloud storage use කරන එක දැන් සාමාන්‍ය දෙයක්නේ. Google Drive, Dropbox වගේ services වලටත් limit තියෙනවා, sometimes paid plans ගන්නත් වෙනවා. ඒ අතරේ interesting idea එකක් තමයි Telegram-Drive කියන්නේ.
මේ project එකෙන් කරන්නේ Telegram app එකම cloud storage එකක් වගේ use කරන එක. ඔයාට bot එකක් හරහා files upload කරන්න, download කරන්න, manage කරන්න පුළුවන්. Telegram එක already large files support කරන නිසා, ඒ advantage එක use කරලා තමයි මේ system එක build කරලා තියෙන්නේ.
use කරනකොට මේක pretty simple. files upload කරද්දී ඒවා Telegram chats වල save වෙනවා. එතනින් තමයි ඔයාට later access කරන්න පුළුවන්. folders වගේ organize කරන්නත් tricks තියෙනවා, ඒ නිසා files ගොඩක් තියෙනව නම් manage කරන්නත් easy.
security පැත්තෙන් බැලුවත්, Telegram එකේ encryption system එක නිසා files safe වශයෙන් store වෙනවා. ඒත් මේක official cloud storage service එකක් නෙවෙයි කියන එක මතක තියාගන්න ඕන. Telegram rules වෙනස් උනොත් හෝ limits තියෙනවා නම් ඒක බලපාන්න පුළුවන්.
ඇත්තටම බලද්දී මේක “smart workaround” එකක් වගේ. already තියෙන free platform එකක් use කරලා, තමන්ට cloud storage solution එකක් හදාගන්න පුළුවන් කියන එකම මේ project එකේ highlight එක.
tech වලට interest තියෙන කෙනෙක් නම්, මේ වගේ creative projects try කරලා බලන්නම ඕන ![]()
උපුටා ගැනීම : Buwa Thoughts
