අප සැබෑ මිනිසෙක්ද නැතහොත් Bot කෙනෙක්ද කියා තහවුරු කිරීමට තිබෙන සාම්ප්‍රදායික Image puzzles වෙනුවට, දැන් Google සමාගම අලුත්ම reCAPTCHA ක්‍රමවේදයක් පරීක්ෂා කරමින් සිටිනවා…
මේකෙදි අපිට වෙබ් අඩවියට පිවිසීමට නම් දැන් කැමරාව on කරලා සරල Hand gestures පෙන්වීමට හෝ අත වැනීමට සිදුවනු ඇත.. මේ ප්‍රොසෙස් එකේදි අදාළ බ්‍රවුසරය මඟින් Camera permission ඉල්ලා සිටින අතර, අපේ අතේ චලනයන් ඇතුළත් කෙටි වීඩියෝවක් පටිගත කර එය confirmation සඳහා Google වෙත යවනු ලැබේ..
වර්තමානයේ පවතින උසස් AI ටූල්ස් සහ Botsලා සාම්ප්‍රදායික CAPTCHA ක්‍රමවේද ඉතා පහසුවෙන් විසඳීමට සමත්ව තිබෙනවා… එම නිසා ව්‍යාජ ගිණුම් සෑදීම සහ වෙබ් අඩවි අවභාවිත කිරීම වැනි Automated attacks වැළැක්වීමේ අරමුණින් සැබෑ මිනිස් අත් චලනයන් හඳුනාගත හැකි මෙම නව තාක්ෂණය Google විසින් හඳුන්වා දීලා තියෙනවා..
මෙහිදී කිසිදු Audio එකක් රෙකෝඩ් නොවන බවත්, පරික්ෂාව අවසන් වූ වහාම අදාළ වීඩියෝව මකා දමන බවත් Google සමාගම ප්‍රකාශ කරනවා.. නමුත්, පරිශීලකයන්ගේ සෑම තොරතුරක්ම ලබාගැනීම මත තම සමස්ත ව්‍යාපාරික ආකෘතියම පවත්වාගෙන යන සමාගමක් මෙලෙස වීඩියෝ දත්ත රඳවා නොගන්නේ යැයි කියන කතාව මුළුමනින්ම විශ්වාස කළ හැකිද යන්න ගැටලුවක්..
කෙසේ වෙතත්, මෙම අත් සංඥා මඟින් මිනිස් බව තහවුරු කිරීමේ ක්‍රමය දැනට පවතින්නේ Optional විශේෂාංගයක් ලෙස පමණි. එබැවින් දැනට භාවිත වන සාමාන්‍ය පින්තූර සහ ශ්‍රව්‍ය challenges ද තවදුරටත් ක්‍රියාත්මක වේ..
උපුටා ගැනීම : Dinith Maleesha
