ලෝක ප්‍රසිද්ධ සමාගම් 3කට විරුද්ධව ලොකු නඩුවක්.
ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවද පරිගණක වල RAM වල මිල ගණන් මේ තරම් වැඩි වෙන්නේ ඇයි කියලා? දැන් ඒකට ප්‍රධානම හේතුවක් හොයාගෙන තියෙනවා වගේම, ලෝකයේ ලොකුම Tech සමාගම් තුනකට විරුද්ධව මේ ගැන ලොකු නඩුවකුත් ගොනු කරලා තියෙනවා.
වාර්තා වෙන විදිහට Samsung, SK Hynix, සහ Micron කියන සමාගම් තුන එකතු වෙලා DRAM නිෂ්පාදනය හිතාමතාම අඩු කරලා තියෙනවා කියලා තමයි US වල ගොනු කරපු මේ අලුත්ම Antitrust lawsuit එකෙන් චෝදනා කරන්නේ. Market එකේ ඉල්ලුම වැඩි වෙනකොටත් එයාලා Supply එක සීමා කරපු නිසා, RAM වල මිල වේගයෙන් ඉහළ ගිහින් RAMpocalypse එකක් නිර්මාණය වෙලා තියෙනවා කියලා මේ නඩුවේ සඳහන් වෙනවා.
මේ නිසා සාමාන්‍ය පාරිභෝගිකයන්ට වගේම ව්‍යාපාර වලටත් DRAM තියෙන Products වලට ලොකු ගාණක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ Class-action lawsuit එක හරහා ඒ අයට වන්දි ලබා දෙන්න කියලත් ඉල්ලලා තියෙනවා. මේ විදිහට ලොකු සමාගම් එකතු වෙලා මිල ගණන් පාලනය කරන එක ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න
උපුටා ගැනීම : Shalinda Jayasinghe
