Head of Product ලෙස කටයුතු කළ Nikita Bier, වසරකට ආසන්න කාලයකට පසු එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඔහු ඉදිරියේදී X සමාගමේ Advisor ලෙස පමණක් කටයුතු කිරීමට නියමිතයි..
තමන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව X හි සටහනක් තබමින් ඔහු පවසා සිටියේ, Product ප්‍රධානී තනතුර යනු පැය 24 පුරාම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු එකක් බවත්, දැන් තමන්ට විවේකයක් ගැනීමට කාලය පැමිණ ඇති බවත්ය.. මෙම අත්දැකීම තමන්ගේ ජීවිතයේ ලැබූ විශාලතම privilege එකක් ලෙස හැඳින්වූ ඔහුට, X ප්ලැට්ෆෝම් එක වෙනුවෙන් කළ සේවයට Elon Musk ද සෘජුවම ස්තූතිය පළ කර තිබෙනවා..
මීට පෙර Meta සමාගම විසින් මිලදී ගන්නා ලද “tbh” සහ Discord විසින් මිලදී ගන්නා ලද “Gas” වැනි අතිශය ජනප්‍රිය වූ viral social apps නිර්මාණය කළ ප්‍රකට ව්‍යවසායකයෙකු වන Nikita Bier, 2025 මැද භාගයේදී X හි Product ප්‍රධානී ලෙස එකතු වුණා..
තමන් සේවය කළ දින 400කට ආසන්න කාලය තුළ, X හි Timeline එක, Android App එක, Notifications සහ Chat පද්ධතිය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීමටත්, නව Features 29ක් පමණ හඳුනාදීමටත්, AI Bots පාලනය කිරීමටත් ඔහුගේ නායකත්වය යටතේ පියවර ගැනුණා..
ඔහුගේ සේවා කාලය සාර්ථක මෙන්ම විවේචනවලින්ද අඩුවක් වූයේ නැහැ. විශේෂයෙන්ම Bots පාලනය කිරීමේදී විවිධ ගිණුම් පිළිබඳව ඔහු කළ ඇතැම් ප්‍රකාශ නිසා සාමාන්‍ය පරිශීලකයින්ගෙන් දැඩි දෝෂදර්ශනයක් එල්ල වුණා.. මීට අමතරව Crypto community එක සමඟ ඇතිවූ ගැටලු, Spam පාලනය කිරීමට ගත් දැඩි තීරණ සහ Creator Revenue බෙදාහැරීමේ රටාවට සිදුකළ වෙනස්කම් නිසාද පරිශීලකයින් සහ Creatorsලා අතර ඔහු නිතරම කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුණා..
කෙසේ වෙතත්, X හි සක්‍රීය Regular Poster කෙනෙකු ලෙස නැවතත් සිය සාමාන්‍ය ජීවිතයට එකතු වන බව කියන Nikita Bier, ප්ලැට්ෆෝම් එක තුළ විශාල වෙනස්කම් රැසක් සිදුකිරීමට සමත් වූ ප්‍රධාන පෙළේ විධායක නිලධාරියෙකු ලෙස හැඳින්විය හැකියි!
උපුටා ගැනීම : Dinith Maleesha
