Claude Sonnet 5

Mic
By Mic

Anthropic සමාගම විසින් මෙතෙක් හඳුන්වා දුන් වඩාත්ම ස්වාධීන සහ Most agentic AI model එක වෙන “Claude Sonnet 5” දැන් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා..

මීට මාස කිහිපයකට පෙර ඉතා විශාල සහ අධික පිරිවැයක් සහිත මොඩල්වලින් පමණක් ලබාගත හැකි වූ මට්ටමේ Autonomous performance මෙයට ඇති අතර, Making plans, බ්‍රවුසර් සහ ටර්මිනල් වැනි මෙවලම් භාවිත කිරීමේ හැකියාවද මීට ඇතුළත් වේ..

පෙර පැවති Sonnet 4.6 වර්සන් එකට වඩා Reasoning, Tool use, Coding සහ Knowledge work අතින් Sonnet 5 ඉතා ඉහළ වර්ධනයක් පෙන්වනවා..

මෙහි ඇති සුවිශේෂීම කරුණ නම්, ඉතා අඩු මිලකට ලබාගත හැකි වුවද මෙහි දක්ෂතාවය ඔවුන්ගේ ප්‍රමුඛතම Claude Opus 4.8 මාදිලියට බෙහෙවින් සමීප වීමයි.

මෙහි Early access partnersලා පවසන පරිදි, පෙර Sonnet මාදිලි මඟින් අතරමඟ නතර කළ ඉතා සංකීර්ණ කාර්යයන් පවා සාර්ථකව අවසන් කිරීමට Sonnet 5 සමත් වී තිබෙනවා.. එමෙන්ම, කිසිවෙකුගේ ඉල්ලීමකින් තොරව තමන්ගේම Outputs ස්වයංක්‍රීයව පරීක්ෂා කර බැලීමේ හැකියාවද මෙයට තිබෙනවා..

Claude Sonnet 5 මේ වන විට සියලුම Claude apps සහ Claude ප්ලැට්ෆෝම් හරහා ලබා ගන්න පුලුවන්.. එය දැනට Free සහ Pro පරිශීලකයන් සඳහා Default මාදිලිය ලෙස ක්‍රියාත්මක වන අතර Max, Team සහ Enterprise පරිශීලකයන් සඳහාද විවෘත වේ.. එසේම, එළඹෙන අගෝස්තු 31 දක්වා මේ සඳහා විශේෂ හඳුන්වාදීමේ මිල ගණන් ක්‍රියාත්මක වේ.

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article