Google AI Mode – හැමෝම Try කරලා බැලුවද?

Mic
By Mic

අද මම මෑතකදී වැඩියෙන් පාවිච්චි කරන Google AI Mode (Search AI) ගැන පොඩි අදහසක් share කරන්න හිතුනා.

අපි ChatGPT,claude, Gemini වගේ AI tools පාවිච්චි කරනකොට සමහර වෙලාවට AI Hallucinations වෙන්න පුළුවන්. ඒ කියන්නේ AI එකෙන් සමහර වෙලාවට සම්පූර්ණ බොරු දේවල්, හරියටම ඇත්ත වගේ විශ්වාසයෙන් යුතුව කියනවා. එතකොට අපිට ඒක හරිද වැරදිද කියලා හරියටම තහවුරු කරගන්න අමාරුයිනේ.

හැබැයි Google AI Mode එකේ තියෙන ලොකුම වාසියක් තමයි, මේක නිතරම Internet එකෙන් අලුත් දේවල් හොයලා, Websites වල තියෙන තොරතුරු ලයිව් අරගෙන තමයි අපිට උත්තර දෙන්නේ. ඒ නිසා Hallucinations වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි.හැබැයි මේකත් AI එකක් නිසා වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා වැදගත් තොරතුරු නම් sources බලලා confirm කරන එක තමයි හොඳම දේ.

 Google AI Mode සහ Google Gemini අතර වෙනස මොකක්ද?

ගොඩක් අයට මේක පැටලෙනවා. මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා:

  • Google AI Mode (Search AI Overviews): මේක තියෙන්නේ අපේ නෝමල් Google Search එක ඇතුළෙමයි. අපි Search කරන දේට අදාළව වෙබ්සයිට් ගොඩක් කියවලා, සාරාංශයක් විදිහට ඉක්මන් උත්තරයක් දෙන එක තමයි මේකෙන් කරන්නේ. මේක ගොඩක්ම හොඳ Real-time data, price comparisons සහ ඉක්මන් තොරතුරු හොයාගන්න.
  • Google Gemini (Chatbot): මේක වෙනමම තියෙන AI Assistant කෙනෙක්. මේකට යන්නේ gemini.google.com හරහා. මේක පාවිච්චි කරන්නේ AI එකත් එක්ක දිගටම කතා කර කර අදහස් ගන්න, Coding ලියවගන්න, Articles ලියවගන්න, වගේ ටිකක් සංකීර්ණ වැඩ වලට.

මේ AI Mode (Search AI) එකෙන් අපිට ගන්න පුළුවන් සුපිරිම ප්‍රයෝජන ටිකක්:

🔍 Buying Decisions :

අපි අලුතෙන් Phone එකක් ගන්න කලින් ඒකෙ තියෙන Hardware/Software faults ගැන හොයනවනේ. මේ AI එකට පුළුවන් Quora, Reddit වගේ Forums සහ Sites වල තියෙන actual customer reviews ඔක්කොම එක තැනකට gather කරලා, ඒ model එකේ තියෙන පොදු ප්‍රශ්න මොනවාද කියලා සාරාංශයක් විදිහට දෙන්න.

  • Example: “What are the common hardware faults and user complaints about iPhone 15 series on Quora and Reddit?” වගේ සර්ච් කරලා ගන්න කලින්ම ඇත්තම තත්ත්වේ බලාගන්න පුළුවන්.

💻 Brand-to-Brand Fault Comparisons (සමාන Specs තියෙන Laptops සසඳලා හොඳම එක තෝරගන්න):

ඔයාට ලැප්ටොප් එකක් ගන්න ඕනේ නම්, එකම RAM, එකම Processor එක තියෙන Brands දෙකක මොඩල්ස් දෙකක් (උදා: Lenovo LOQ එකයි ඒකටම සමාන ASUS එකකුයි) අතරින් මොකක්ද ගන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නවා නම්, මේ AI එකෙන් ලේසියෙන්ම ඒ දෙක Compare කරන්න පුළුවන්. ඒ Models දෙකෙන් පාවිච්චි කරන අයට අඩුවෙන්ම ලෙඩ දීලා තියෙන්නේ මොකක්ද, User reviews වලට අනුව issues අඩුම මොකේද කියලා හරියටම හොයාගන්න මේක මාරම විදිහට උදව් වෙනවා.

🎯 Best Tool/Website Recommendations (වැඩේට හරියනම සයිට් එක හොයාගන්න): මොකක් හරි වැඩක් කරගන්න ඕනේ වුණාම, ලෝකේ මිනිස්සු වැඩියෙන්ම පාවිච්චි කරන, වඩාත්ම නිවැරදි තොරතුරු දෙන වෙබ්සයිට් එක මොකක්ද කියලා අහලා දැනගන්න පුළුවන්.

  • Example: කාලගුණය බලන්න ඕනේ නම්, “What is the most accurate and widely used weather forecast website?” කියලා ඇහුවම රස්තියාදු වෙවී හොයන්න ඕනේ නෑ, Users ලා වැඩියෙන්ම විශ්වාස කරන හොඳම සයිට් එක කෙලින්ම එනවා.

🛍️ Smart Shopping & Price Comparisons (එකම දේ ලාභෙටම ගන්න): ඔයාට සපත්තු දෙකක් හරි ඇඳුමක් හරි (Wearing item) ගන්න ඕනේ වුණාම, එකම Brand එකේ එකම Item එක විවිධ Online stores වල විකුණන මිල ගණන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හැම සයිට් එකකටම රිංග රිංග ඉන්නේ නැතුව Google AI එකට පුළුවන් ඒ හැම වෙබ්සයිට් එකකම තියෙන prices සසඳලා, අඩුම මිලට ගන්න පුළුවන් ෂොප් එක හොයලා දෙන්න.

📊 Real-time Data & Daily Updates (එදිනෙදා අලුත් වෙන තොරතුරු): මේක Real-time තොරතුරු සහ එදිනෙදා වෙනස් වෙන මිල ගණන් ඉක්මනින් දැනගන්න මාරම වටිනවා.

  • 🏦 “What are the latest Commercial,sampath,HNB time deposit rates”
  • 💵 Exchange rates, ⛽ Fuel prices, 🥇 Gold rates අද දවසේ තියෙන ගණන්.

මේ AI Mode එක ලේසියෙන්ම access කරන්න පුළුවන් කෙටි ක්‍රමය තමයි Browser එකේ g.ai කියලා ගහන එක.

ඔයාලත් මේ විදිහට Buying decisions ගන්න හරි, Shopping කරද්දී Price compare කරන්න හරි Google AI පාවිච්චි කරලා තියෙනවද? සාමාන්‍ය AI Chatbot එකක් පාවිච්චි කරනවාට වඩා, මේ වගේ වැඩ වලට Google AI Mode එක පාවිච්චි කරන එක ගොඩක් ප්‍රායෝගිකයි වගේම හොඳයි කියලා ඔයාලටත් හිතෙනවද? ඔයාලගේ අත්දැකීම් පහළින් කමෙන්ට් කරගෙන යන්න!

උපුටා ගැනීම : Nimesh De Alwis

Share This Article