GitHub,

Mic
By Mic

භාවිතා කරන developers ලාට Pull Requests කිහිපයක් repositories සහ organizations ගණනාවක් අතර manage කිරීම සමහර වෙලාවට අපහසු කාර්යයක්. Review කරන්න තිබෙන Pull Requests, fix කරන්න තිබෙන CI failures, අලුත් comments සහ merge කිරීමට සූදානම් changes වෙන වෙනම සොයා බැලීමට සිදු වෙනවා.

මේ ගැටලුවට විසඳුමක් ලෙස GitHub විසින් අලුතින් redesign කළ Pull Requests Dashboard එක 2026 ජූලි 9 දින Generally Available කර තිබෙනවා. මීට පෙර Public Preview එකක් ලෙස ලබාදී තිබුණු මෙම dashboard එක දැන් GitHub users ලාට “github.com/pulls” හරහා භාවිතා කරන්න පුළුවන්.

GitHub Pull Request එකක් කියන්නේ මොකක්ද?

Developer කෙනෙක් codebase එකක වෙනසක් සිදු කළ පසු, එම changes ප්‍රධාන project එකට merge කිරීමට පෙර review කිරීම සඳහා Pull Request එකක් create කරනවා.

Pull Request එකක් හරහා:

– වෙනස් කළ code එක review කරන්න

– Comments සහ suggestions ලබාදෙන්න

– Automated tests run කරන්න

– Security සහ quality checks බලන්න

– Changes approve හෝ reject කරන්න

– අවසානයේ main branch එකට merge කරන්න

හැකියාව ලැබෙනවා.

විශාල software teams සහ open-source projects තුළ Pull Requests සිය ගණනක් එකවර active වීම නිසා ඒවා නිසි ලෙස organize කිරීම වැදගත් වෙනවා.

අලුත් Pull Requests Dashboard එකෙන් ලැබෙන ප්‍රධාන පහසුකම්

1. Pull Request Inbox එකක්

අලුත් Dashboard එකේ ප්‍රධාන feature එක Inbox එකයි.

මෙහිදී ඔබේ අවධානය අවශ්‍ය Pull Requests ස්වයංක්‍රීයව categories කිහිපයකට වෙන් කර පෙන්වනවා.

උදාහරණ ලෙස:

– ඔබට review කරන්න ඉල්ලා ඇති Pull Requests

– CI checks fail වී fix කරන්න තිබෙන Pull Requests

– අලුත් comments හෝ changes පැමිණ ඇති Pull Requests

– Merge කිරීමට සූදානම් Pull Requests

– Merge Queue එකේ තිබෙන Pull Requests

මේ නිසා repositories එකින් එක open කර pending tasks සොයා බැලීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අවධානය අවශ්‍ය වැඩ සියල්ල එකම dashboard එකකින් බලන්න පුළුවන්.

2. Inbox Sections වෙනස් කරගන්න පුළුවන්

සෑම developer කෙනෙකුගේම workflow එක එකිනෙකට වෙනස්.

ඒ නිසා GitHub නව Dashboard එකේ Inbox sections:

– Reorder කරන්න

– අවශ්‍ය නොවන sections hide කරන්න

– Repository එක අනුව filter කරන්න

– Recent activity අනුව filter කරන්න

හැකියාව ලබාදී තිබෙනවා.

උදාහරණයක් ලෙස developer කෙනෙකුට මුලින්ම “Review requested” section එක පෙන්වා ඉන්පසුව “Ready to merge” section එක පෙන්වන්න පුළුවන්.

3. Saved Views හදාගන්න පුළුවන්

Developers ලා නිතර භාවිතා කරන Pull Request search queries සඳහා browser bookmarks තබාගැනීමට සිදු වුණා.

අලුත් Dashboard එකෙන් Saved Views create කරන්න පුළුවන්.

උදාහරණ ලෙස:

– My Frontend Pull Requests

– Urgent Reviews

– Failed CI Checks

– Team Backend Reviews

– Ready to Merge

– Copilot Created Pull Requests

වැනි custom views create කර sidebar එකේ save කරගන්න පුළුවන්.

Saved View එකක් හදාගැනීමට sidebar එකේ “Create a view (+)” icon එක select කර, නමක් ලබාදී Save කරන්න පුළුවන්.

4. Filters සහ Search

නව Dashboard එකට smart default filters කිහිපයක් ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර:

– “Authored by me”

– “Assigned to me”

– “Involves me”

– “Review requested”

වැනි filters තිබෙනවා.

මේ filters හරහා ඔබ create කළ, ඔබට assign කළ හෝ ඔබ සම්බන්ධ වූ Pull Requests ඉක්මනින් සොයාගන්න පුළුවන්.

Search bar එකේ content assist සහ auto-complete පහසුකම් ද තිබෙන නිසා repositories, teams, organizations සහ projects අතර Pull Requests සෙවීම පහසු වෙනවා.

5. Advanced Search සඳහා AND සහ OR Support

GitHub නව Pull Requests Dashboard එකේ advanced queries සඳහා “AND”, “OR” සහ nested search support කර තිබෙනවා.

උදාහරණයක් ලෙස:

“(org:github AND author:@me) OR (org:example assignee:@me)”

වැනි query එකක් භාවිතා කර organizations කිහිපයක් අතර ඔබ create කළ හෝ ඔබට assign කළ Pull Requests එකවර සොයාගන්න පුළුවන්.

Repositories සහ organizations ගණනාවක් සමඟ වැඩ කරන developers සහ engineering managers ලාට මෙය විශේෂයෙන් වැදගත්.

6. Team Review Requests සොයාගන්න අලුත් Filter එකක්

“team-review-requested-user:@me” නමැති අලුත් filter එකෙන් ඔබ පුද්ගලිකව mention නොකළත්, ඔබ අයත් team එකට review request කර තිබෙන Pull Requests සොයාගන්න පුළුවන්.

උදාහරණයක් ලෙස Frontend Team එකට review request එකක් ලැබුණොත්, එම team එකේ member කෙනෙකු ලෙස ඔබට එය dashboard එකෙන් පෙනෙනවා.

7. Review කිරීම සඳහා ලැබුණු සියලු Pull Requests බලන්න පුළුවන්

“review-involves:@me” filter එකෙන් ඔබට review කරන්න ඉල්ලා ඇති Pull Requests සියල්ල පෙන්වනවා.

වෙනත් developer කෙනෙක් එම Pull Request එක දැනටමත් approve කර තිබුණත්, ඔබට review request ලැබී තිබුණේ නම් එය search results තුළ පෙන්වනවා.

8. GitHub Copilot හදා දුන් Pull Requests ද ඇතුළත්

GitHub Copilot Coding Agent එකට developer කෙනෙකුගේ උපදෙස් අනුව Pull Request එකක් create කරන්න පුළුවන්.

නව Dashboard එකේ “author:@me” filter එක භාවිතා කරන විට ඔබ වෙනුවෙන් GitHub Copilot create කළ Pull Requests ද search results වල ඇතුළත් වෙනවා.

AI coding agents භාවිතය වැඩිවීමත් සමඟ human-created සහ agent-created Pull Requests දෙකම එකම dashboard එකෙන් manage කිරීමට මෙය උපකාරී වෙනවා.

9. Keyboard Navigation Support

Pull Requests list එක අතර ඉක්මනින් ගමන් කිරීමට:

– “j” key එකෙන් පහළට

– “k” key එකෙන් ඉහළට

යන්න පුළුවන්.

Keyboard shortcuts නිතර භාවිතා කරන developers ලාට mouse එක භාවිතා නොකර Pull Requests වේගයෙන් review කිරීම සඳහා මෙය ප්‍රයෝජනවත්.

Public Preview එකෙන් පසුව සිදු කළ වැඩිදියුණු කිරීම්

GitHub විසින් නව Pull Requests Dashboard එක මුලින්ම 2026 මාර්තු 26 දින Public Preview එකක් ලෙස හඳුන්වා දී තිබුණා. එහිදී Inbox, Saved Views සහ Advanced Filters ප්‍රධාන features ලෙස ලබාදී තිබුණා.

Users ලාගෙන් ලැබුණු feedback අනුව General Availability release එකට පෙර GitHub විසින්:

– Inbox sections reorder සහ hide කිරීම

– In-progress CI status වඩා හොඳින් පෙන්වීම

– Ready-to-merge status handling වැඩිදියුණු කිරීම

– Branch updates නිසි ලෙස පෙන්වීම

– Keyboard navigation එකතු කිරීම

– Team review filters එකතු කිරීම

– Copilot-created Pull Requests author search තුළ ඇතුළත් කිරීම

වැනි වැඩිදියුණු කිරීම් සිදු කර තිබෙනවා.

නව Dashboard එකෙන්:

– Pending reviews අමතක වීම අඩු වෙනවා

– CI failure සහ merge blockers ඉක්මනින් හඳුනාගන්න පුළුවන්

– Repositories කිහිපයක Pull Requests එකම ස්ථානයකින් බලන්න පුළුවන්

– Managers ලාට teams කිහිපයක progress track කරන්න පුළුවන්

– Custom workflows සඳහා Saved Views හදාගන්න පුළුවන්

– AI agents විසින් create කළ Pull Requests manage කරන්න පුළුවන්

මේ නිසා development workflow එක වඩා organized සහ වේගවත් කරගන්න පුළුවන්.

උපුටා ගැනීම : Lakshan Weerasingha

Share This Article