Telegram පරිශීලකයින් සියලු දෙනාම පාහේ චැනල්, ගෲප් සහ invites සඳහා භාවිත කරන ප්‍රධාන short link එක වන t [.] me ඩොමේන් එක පසුගියදා ලොව පුරාම එකවර අක්‍රීය වුණා..
t [.] me ඩොමේන් එක ලියාපදිංචි කර ඇත්තේ Montenegro රාජ්‍යයේ ජාතික අන්තර්ජාල ලිපිනය (.me) යටතේය.. එහි domain registry විසින් මෙම t [.] me ලිපිනය “serverHold” තත්ත්වයට පත් කරන ලදී.. ඊටපස්සේ DNS වලින් මේ ඩොමේන් එක ඉවත් කරලා තිබුනා.. ඒ නිසා කිසිදු බ්‍රවුසරයකින් Telegram ලින්ක්ස් ඕපන් වුණේ නෑ..
මේ ප්‍රශ්නෙට මුල් වෙලා තිබුණේ ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සම්බාධක බලාත්මක කරන OFAC (Office of Foreign Assets Control) ආයතනයේ නියෝගයකි. Telegram ජාලයේ තිබූ සම්බාධක පැනවූ VPN චැනලයක් නිසා මෙම පියවර ගත් බව රෙජිස්ට්‍රිය විසින් Telegram නිර්මාතෘ Pavel Durov වෙත දන්වා තිබුණා..
මෙම ගැටලුව නිසා පැය 16ක පමණ කාලයක් t [.] me ලින්ක් එක අඩාල වී තිබුණා.. පවෙල් දුරොව් විසින් X මාධ්‍ය හරහා අදාළ රෙජිස්ට්‍රිය සෘජුවම ටැග් කරමින් කළ මැදිහත් වීමෙන් සහ අදාළ ගැටලුව නිරාකරණය කිරීමෙන් පසුව ඩොමේන් එක නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගැණුනා..
ලොව පුරා මිලියන ගණනක් භාවිත කරන දැවැන්ත සන්නිවේදන පද්ධතියක් වුවද, එක් ඇමරිකානු රාජ්‍ය ආයතනයක නියෝගයක් සහ එක් කුඩා ඩොමේන් රෙජිස්ට්‍රියක තීරණයක් මත එක රැයකින් අක්‍රීය කළ හැකි බව මෙමඟින් මනාව පැහැදිලි වෙනවා.. මෙය තාක්ෂණික ලෝකයේ පවතින single points of failure පිළිබඳව විශාල අනතුරු ඇඟවීමකි..
උපුටා ගැනීම : Dinith Maleesha
