ලොව විශාලතම තාක්ෂණ සමාගමක් වන ඇපල් සමාගම තවත් ඉතිහාසගත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එහි වෙළඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5 සීමාව ඉක්මවා ගොස් තිබේ.
කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්රිත නවෝත්පාදන, ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල සහ ආයෝජකයන්ගේ ඉහළ විශ්වාසය හේතුවෙන් ඇපල් සමාගමේ කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ.
එමෙන්ම ලොව ඩොලර් ට්‍රිලියන 5ක වෙළඳපොළ වටිනාකම ඉක්ම වූ ප්‍රථම සමාගම් අතර සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ඇපල් සමත් වී තිබේ.
විශ්ලේෂකයන් සඳහන් කළේ AI තාක්ෂණය, නව නිෂ්පාදන සහ අඛණ්ඩ ආදායම් වර්ධනය ඉදිරි කාලය තුළද ඇපල් සමාගමේ වෙළඳපොළ වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමට බලපානු ඇති බවයි.
උපුටා ගැනීම : අරුණ
