How Zuckerberg built an unshakeable 61% voting control

Mic
By Mic

සාමාන්‍ය සමාගමක නම් අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතර ඡන්දයකින් ඕනෑම මොහොතක එහි නිර්මාතෘවරයා පවා CEO ධුරයෙන් ඉවත් කරන්න පුලුවන්..

2023 දී OpenAI හි Sam Altman ට සහ 1985 දී Apple සමාගමෙන් Steve Jobs ට අත්වූයේත් එවැනිම ඉරණමක්..

නමුත් Meta සමාගමේ Mark Zuckerberg ව, ලොව සිටින අනෙකුත් සියලුම කොටස් හිමියන් එකතු වී ඡන්දය ප්‍රකාශ කළත් කිසිදා තනතුරෙන් ඉවත් කරන්න බෑ..

Zuckerberg මෙවැනි ආරක්ෂිත පවුරක් ගොඩනඟා ගැනීමට මූලිකම හේතුව වූයේ 2006 වසරේදී ඔහු මුහුණ දුන් අත්දැකීමයි.. එවකට 22 හැවිරිදි තරුණයෙක් විදිහට හිටපු ඔහුගෙන්, Facebook සමාගම මිලදී ගැනීමට Yahoo ආයතනය ඩොලර් බිලියන 1ක දැවැන්ත යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ, ආයෝජකයින් වූ Peter Thiel සහ Jim Breyer ඇතුළු කළමනාකාරීත්වය එය විකිණීමට පක්ෂ වූ අතර Zuckerberg ව තනතුරෙන් ඉවත් කිරීමට පවා උත්සාහ කර තිබුණා..

Steve Jobs ට සිදුවූ දේ හොඳින් දැන සිටි Zuckerberg, Facebook සමාගම කොටස් වෙළඳපොළට (IPO) නිකුත් කිරීමට පෙරම තම බලය තහවුරු කරන “Dual-class share structure” ක්‍රමය නිර්මාණය කළා..

මෙම ව්‍යුහයට අනුව සාමාන්‍ය ආයෝජකයින්ට ලැබෙන Class A කොටසකට එක් ඡන්දයක් පමණක් හිමිවන අතර, Zuckerberg සතු Class B කොටසකට ඡන්ද 10ක බලයක් හිමි වෙනවා.. ඒ අනුව, ඔහු සතුව ඇත්තේ සමාගමේ ආර්ථික අයිතියෙන් 13.4% ක් පමණ වුවත්, සමස්ත ඡන්ද බලයෙන් 61% කට ආසන්න ප්‍රමාණයක් ඔහු සතුයි..

තමන්ව ඉවත් කිරීමට තීරණය ගත යුතු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නේද ඔහුගේම ඡන්ද බලයෙන් වන නිසා, Meta තුළ ඔහුට අභියෝග කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කක්..

එපමණක් නොව, 2026 ඔක්තෝබර් මාසයේදී හඳුන්වා දුන් ඡන්ද බලයක් රහිත නව Class C කොටස් හරහා, තම ඡන්ද බහුතරයට කිසිදු හානියක් නොවී කොටස් විකුණා මුදල් ලබා ගැනීමේ අවස්ථාවද ඔහු විසින්ම අනුමත කරගෙන තිබෙනවා..

ඒ අනුව, 2006 වසරේදී තමන්ගේම සමාගම අහිමි වීමට ගිය තරුණයා, අද වන විට තමන් විසින්ම ස්වේච්ඡාවෙන් ඉවත් වන තුරු කිසිවෙකුටත් සෙලවිය නොහැකි අද්විතීය බලකොටුවක් Meta තුළ ගොඩනඟා අවසන්..

Dinith Maleesha

Share This Article