පහුගිය පැය කිහිපය ඇතුළත ලෝකේ පුරාම ලොකුවට ගිය නිවුස් එකක් තමයි Apple App Store එකෙන් Telegram සදහටම අයින් කරලා (Global Ban) කියන එක. මේක දැකලා ගොඩක් අය කලබල වෙලා හිටියේ.අපි මේ ගැන හරියටම හොයලා බැලුවා. මෙන්න ඇත්තම කතාව
මේක Global Ban එකක්ද?
නෑ මේක බොරු කටකතාවක්… Telegram එක App Store එකෙන් සදහටම අයින් කරලා නෑ. හැබැයි අගෝස්තු 3 වෙනිදා පැය කිහිපයකට App Store එකෙන් Telegram ඇප් එක අතුරුදහන් වෙලා තිබුණා කියන එක 100% ක් ඇත්ත.
ඇයි ඇපල් එකෙන් Telegram අයින් කරේ?
Apple ල මේ ගැන නිල වශයෙන්ම හේතුව කියලා තියෙනවා. Telegram එකේ “ළමා අපයෝජන (CSAM)” වලට සම්බන්ධ වීඩියෝ/ෆොටෝස් ෂෙයාර් වෙනවා කියලා ඇපල් එකට රිපෝට් වෙලා. App Store නීති වලට අනුව මේවා දැඩිව තහනම් නිසා, Apple ලා කෙළින්ම ඇප් එක ස්ටෝර් එකෙන් ගලවලා දැම්මා.
ආයේ ඇප් එක දුන්නද?
ඔව් Apple ලා ඇප් එක අයින් කරපු ගමන්, Telegram සමාගමෙන් අදාළ අකවුන්ට්ස් බෑන් කරලා, ඒ Illegal කන්ටෙන්ට් අයින් කරන්න කටයුතු කරා. ඒක කරපු ගමන්ම Apple ලා ආයෙත් App Store එකට Telegram ඇප් එක restore කරා.
අපේ ෆෝන් වලට මොකද වුණේ?
දැනටම Telegram තියෙන අය කිසිම අවුලක් වුණේ නෑ, ඇප් එක නෝමල් විදිහටම වැඩ කරා. අලුතෙන් ඩවුන්ලෝඩ් කරන්න හදපු අය අර පැය කිහිපයේ විතරක් ඇප් එක සර්ච් කරලා හොයාගන්න බැරි වුණා. දැන් ආයෙත් නෝමල් විදිහට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.Android අයට කිසිම බලපෑමක් වුණේ නෑ, Play Store එකේ ඇප් එක එහෙම්මම තිබ්බා.
මේ ගැන Telegram සමාගමත් X එකේ විහිළුවට වගේ පෝස්ට් එකක් දාලා තිබ්බා “Reports of my demise are greatly exaggerated
“කියලා. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ, Telegram එක ආයෙත් සුපුරුදු පරිදි App Store එකේ වැඩ!……
උපුටා ගැනීම : TECH SONA
