අභ්‍යන්තර නායකත්ව ව්‍යුහයේ අතිශය තීරණාත්මක සහ සංකේතාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බව Google හි CEO Sundar Pichai විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා..
AI තාක්ෂණය සහ AGI ඉලක්ක කරගනිමින් Google DeepMind හි ඉදිරි ගමන තවදුරටත් වේගවත් කිරීම සහ විද්‍යාත්මක පර්යේෂණ පුළුල් කිරීම මෙහි ප්‍රධානතම අරමුණයි.
Google DeepMind හි සම-නිර්මාතෘ Demis Hassabis, “Chair of Google DeepMind” සහ “Chief Scientist of Alphabet” යන ඉහළම තනතුරු සඳහා පත් කර තිබෙනවා.. මෙතෙක් පැවැති එදිනෙදා මෙහෙයුම් වගකීම් වලින් නිදහස් වන ඔහු, ඉදිරියේදී AGI තාක්ෂණයේ අනාගතය තීරණය කිරීම, නව Models පිළිබඳ උපදෙස් දීම සහ Isomorphic Labs හරහා AI භාවිතයෙන් පිළිකා වැනි බරපතල රෝග සුවකිරීමේ විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට නියමිතයි..
වසර 13ක දීර්ඝ කාලයක් තිස්සේ DeepMind හි CTO සහ Google හි Chief AI Architect ලෙස කටයුතු කළ Koray Kavukcuoglu, Google DeepMind හි Senior Vice President (SVP) ලෙස සෘජුවම Sundar Pichai වෙත වාර්තා කරමින් සමස්ත මෙහෙයුම් භාරව කටයුතු කරනු ඇත.. Gemini Models, Frontier AI පර්යේෂණ, Gemini App සහ Developer Teams මෙහෙයවීම මින්පසු සිදුවන්නේ ඔහුගේ අධීක්ෂණය යටතේයි.
වසර 27ක අභිමානවත් සේවාවකින් පසු Google හි ප්‍රධාන විද්‍යාඥයෙකු වූ Jeff Dean සහ ජ්‍යෙෂ්ඨ සාමාජික Sanjay Ghemawat, Oriol Vinyals සහ Quoc Le සමඟ එකතු වී “Discovery Loop” නමැති නව Public Benefit Corporation එක ආරම්භ කිරීමට Google වෙතින් සමුගෙන තිබෙනවා.. Machine Learning සහ විද්‍යාත්මක සොයාගැනීම් ස්වයංක්‍රීය කිරීම වෙනුවෙන් කැපවන මෙම නව ව්‍යාපාරයේ ප්‍රධාන ආයෝජකයෙකු සහ Cloud Partner ලෙස Google සමාගම සෘජුවම දායක වීමට නියමිතයි..
Google Search, YouTube සහ Cloud සේවාවන් සමඟ Gemini App එක දැනටමත් මසකට මිලියන 950කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් භාවිත කරන අතර, Gemma මොඩල් එක මිලියන 900ක Downloads සීමාව පහුකර තිබෙනවා..
තාක්ෂණික ලෝකය AGI වෙත ඉතා ආසන්න වෙමින් පවතින මේ තීරණාත්මක මොහොතේ, Google DeepMind හි සිදුවූ මෙම දැවැන්ත නායකත්ව පෙරළිය ඉදිරි AI විප්ලවයේ නවතම පිටුවක් සලකුණු කරනු ඇතැයි නොඅනුමානයි!
උපුටා ගැනීම : Dinith Maleesha
