GTA 6,

Mic
By Mic

ගේම් එකේ මෑතකදී අන්තර්ජාලයට leak වූ gameplay දර්ශන පිටුපස සිටින පුද්ගලයා හෝ කණ්ඩායම අනාවරණය කරගැනීම වෙනුවෙන්, එහි ප්‍රකාශක සමාගම වන Take-Two Interactive විසින් අතිශය දැඩි නීතිමය පියවරක් ගැනීමට කටයුතු කර තිබෙනවා..

නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් එක්සත් ජනපද දිසා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්, “Cyberleek” නමින් ක්‍රියාත්මක වන පුද්ගලයා හෝ කණ්ඩායම හඳුනාගැනීම සඳහා Microsoft සහ Discord යන ආයතන වෙත Take-Two විසින් උසාවි නියෝග නිකුත් කර තිබෙනවා..

අදාළ gameplay වීඩියෝ බෙදාහැරීමට භාවිත කළ Discord Servers සහ ගිණුම්වලට අදාළ IP Addresses, Device Identifiers, ලියාපදිංචි ඊමේල් ලිපින සහ Linked Accounts වැනි සවිස්තරාත්මක තොරතුරු සැප්තැම්බර් මුල් සතියට පෙර ලබා දෙන ලෙසයි එම ආයතන වෙත දන්වා ඇත්තේ..

Rockstar Games විසින් නිල වශයෙන් එළිදැක්වීමට සැලසුම් කර තිබූ Extended Gameplay Showcase එකට පෙර, සංවර්ධනය වෙමින් පවතින අවදියේ වූ GTA 6 ක්‍රීඩාවේ Open-world exploration, Combat, Vehicle gameplay සහ Story-related දර්ශන ඇතුළත් දිගු වීඩියෝ පෙළක් අන්තර්ජාලය පුරා සීඝ්‍රයෙන් පැතිර ගියා..

තමන්ගේ බුද්ධිමය දේපළ අයිතිය ආරක්ෂා කර ගැනීම සහ අනාගතයේදී සිදුවිය හැකි අනවසර leaks වැළැක්වීම මෙහි එකම අරමුණ බව Take-Two සමාගම පවසනවා..

මේ වන විටත් විවිධ Platforms හරහා අදාළ වීඩියෝ ඉවත් කරමින් සිටින Rockstar සහ Take-Two, මෙම දැඩි නීතිමය ක්‍රියාමාර්ගය හරහා Leak එක පිටුපස සිටින වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට දැඩි උත්සාහයක නිරත වෙනවා..

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article