AI ලෝකයට අලුත්ම පෙරළියක් එකතු කරමින් Ornith ආයතනය එයාලගේ අලුත්ම Ornith-1.5 open model family එක release කරලා තියෙනවා. මේකෙදි අපිට 397B MoE, 35B MoE සහ 9B dense කියලා model variants තුනක්ම බලාගන්න පුළුවන්.
මේ අලුත් model එකේ තියෙන විශේෂම දේ තමයි, මේක build කරලා තියෙන්නේ end-to-end self-improvement කියන ක්රමවේදය පාවිච්චි කරලා වීම. ඒ කියන්නේ model එක විසින්ම අලුත් tasks propose කරලා, task-specific scaffolds generate කරගෙන, reinforcement learning වෙනුවෙන් solution rollouts හදලා තියෙනවා.
තවත් විශේෂ කතාවක් තමයි, benchmarks වලදි මේ Ornith-1.5 model එක Opus 4.8 සහ GLM 5.2 මට්ටමේ සුපිරි performance එකක් පෙන්නුම් කරන එක. Open model එකක් විදියට මෙච්චර high performance එකක් දෙන එක AI field එකට ලොකු වාසියක් වෙනවා නේද?
උපුටා ගැනීම : Shalinda Jayasinghe
