අන්තර්ජාලයේ Payments Infrastructure,

Mic
By Mic

හසුරුවන ලොව දැවැන්තම සමාගමක් වන Stripe, AI ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම Model Gateway එකක් වන “OpenRouter” ආයතනය ඩොලර් බිලියන 7.5ක් (roughly $7–7.5B) පමණ වන දැවැන්ත මුදලකට නිල වශයෙන් මිළදී ගත් බව නිවේදනය කර තිබෙනවා..

AI Infrastructure ක්ෂේත්‍රය තුළ මෙතෙක් සිදුවූ විශාලතම Acquisition එකක් ලෙස මෙය සැලකෙන අතර, සාමාන්‍ය ගෙවීම් සේවාවලින් ඔබ්බට ගොස් AI ආර්ථික යටිතල පහසුකම් ගොඩනැගීම Stripe හි ප්‍රධාන අරමුණයි..

Developersලා සහ AI community එක තුළ අතිශය ජනප්‍රිය OpenRouter යනු OpenAI, Anthropic, Google, Meta ඇතුළු ආයතන 70කට වැඩි ප්‍රමාණයක Models 400කට අධික සංඛ්‍යාවක් එකම Single API Key එකක් හරහා භාවිත කිරීමට ඉඩ සලසන ප්‍රමුඛතම AI Model Marketplace එකක්..

මිල, වේගය සහ ගුණාත්මකභාවය මත පදනම්ව වඩාත්ම සුදුසු AI Model එක වෙත Requests යොමු කිරීමේ (සිංහලෙන් කිව්වොත් Intelligent Routing) පහසුකම ලබාදෙන මෙය, මේ වන විටත් Developersලා සහ ආයතන මිලියන 10කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් දිනකට Tokens ට්‍රිලියන 10කට වඩා හසුරුවනු ලබයි.. සරලවම මෙය හැඳින්වූයේ “Stripe for LLMs” යනුවෙනි..

වර්තමාන ව්‍යාපාර සඳහා AI Tokens යනු ප්‍රධාන වියදමක් මෙන්ම අලුත්ම මුදල් ඒකකයක් බඳු වන අතර, OpenRouter හරහා සිදුවන Token භාවිතය වඩාත් කාර්යක්ෂමව සහ ලාභදායී ලෙස කළමනාකරණය කිරීමට මෙම එකතුවීම උපකාරී වෙනවා.. එමඟින් AI මෘදුකාංගවල Cost සහ Revenue යන දෙපැත්තම එකම පද්ධතියකට ගෙන ඒමට Stripe සමාගමට අවස්ථාව හිමිවනු ඇත..

Stripe යටතට පත්වුවද OpenRouter හි නම, සැලසුම් හෝ සේවාවන් වෙනස් නොවන අතර, කිසිදු තනි AI ආයතනයකට පක්ෂපාතී නොවී සියලුම Models සඳහා සම අවස්ථාව ලබාදෙන “Multi-model Neutrality” ප්‍රතිපත්තිය නොවෙනස්ව ඉදිරියටම පවත්වාගෙන යන බව ඔවුන් තහවුරු කර තිබෙනවා..

AI Models නිර්මාණය කරන සමාගම්වලට වඩා, ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය “Picks and Shovels” සහ යටිතල පහසුකම් සපයන ආයතන තාක්ෂණික ලෝකයේ කෙතරම් බලවත් වෙමින් පවතින්නේද යන්නට Stripe තැබූ මෙම නව පියවර හොඳම example එකක්

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article