Anthropic සමාගම විසින් Claude Code එකේ Weekly Usage Limits ගැන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා..

Mic
By Mic

ඒ අනුව සැප්තැම්බර් 14 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, Pro, Max, Team සහ Seat-based Enterprise plans සඳහා පවතින Standard Weekly Limits ස්ථිරවම 25% කින් ඉහළ දැමීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා..

එතෙක් පරිශීලකයින් දැනට භුක්ති විඳින තාවකාලික 50% Temporary Boost එක එලෙසම ක්‍රියාත්මක වනු ඇත..

කෙසේ වෙතත්, මෙම ස්ථිර 25% ක වැඩිවීම දැනට පවතින ඉහළ නැංවූ Temporary Boost එකට සාපේක්ෂව සලකා බැලීමේදී 17% ක Net Reduction එකක් පෙන්නුම් කරන බවද සමාගම පැහැදිලි කර තිබෙනවා..

පද්ධතියේ ධාරිතාවය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සහය දැක්වීම පිළිබඳව Developers ප්‍රජාවට ස්තූතිය පළ කරන Anthropic නිලධාරීන්, ඉදිරියේදී Claude වෙතින් වඩාත් ඉහළ වටිනාකමක් මෙන්ම පරිශීලකයින්ට තම Usage එක වඩාත් පැහැදිලිව පාලනය කරගත හැකි නව Updates රැසක් හඳුන්වා දීමට සූදානම් වන බවද ප්‍රකාශ කර සිටියි..

Dinith Maleesha

Share This Article