අද Apple ලා ලෝකෙ පළවෙනි Foldable iPhone එක එළියට දායි කියලා මුළු ලෝකෙම ඇඟිලි ගැන ගැන ඉන්න අස්සේ, Xiaomi ලා IFA 2026 එකේදී මුළු මාකට් එකම හොල්ලන සුපිරිම Foldable ෆෝන් එකක් එළියට දැම්මා. ඒ තමයි Xiaomi 18 Fold.
Samsung Z Fold 8 එක අරන් ඩොලර් 2000ක් නාස්ති කරගත්තා කියලා හිතෙන තරමට මේකෙ ඇතුළේ පට්ටම ටෙක්නොලොජි එකක් තියෙනවා. මෙන්න මේකෙ තියෙන පට්ටම විශේෂතා ටික :
1. IMAX සයිස් එකේ අමුතුම ඩිසයින් එක ![]()
ගොඩක් Foldable ෆෝන් දිගටියිනෙ. හැබැයි මේක ටිකක් කොට, පළල් (Squat) ඩිසයින් එකක්. මේකෙ ඇතුළේ තියෙන 7.58″ ස්ක්‍රීන් එකෙත්, එළියේ තියෙන 5.38″ ස්ක්‍රීන් එකෙත් Aspect Ratio එක 1.4:1 ක් වෙනවා. මේක හරියටම IMAX සිනමා ස්ක්‍රීන් එකේ සයිස් එකටම සමානයි.. ඒ කියන්නේ උඩින් යටින් කලු තීරු වැටෙන්නේ නැතුව, මුළු ස්ක්‍රීන් එකේම පිරෙන්න ෆිල්ම් බලන්න පුළුවන්.
2. ලෝකෙ හොල්ලන Xring O3 සහ Arm GPU එක ![]()
මේකෙ තියෙන ප්‍රධානම ටෙක්නිකල් වෙනස තමයි ප්‍රොසෙසර් එක. මේක දුවන්නේ Snapdragon නෙමෙයි, Xiaomi ලගෙම අලුත් “Xring O3” චිප්සෙට් එකෙන් (මේක Snapdragon 8 Elite එකේ පවර් එකට සමානයි).
ඒ වගේම Android ඉතිහාසයේ පළවෙනි වතාවට මේකට “Arm Mali G2-Ultra NX GPU” එක දාලා තියෙනවා. ඒ කියන්නේ PC ගේම්ස් වල වගේ DLSS-style Graphics Acceleration දැන් මේ ෆෝන් එකටත් සපෝට් කරනවා!.. ගේමින් පිස්සොන්ට මේක දිව්‍ය ලෝකයක්.
3. Samsung ලට කෙළවෙච්ච කැමරාව සහ බැටරිය ![]()
![]()
Samsung Z Fold 8 එකේ ලොකුම අඩුපාඩුව වුණේ ඩොලර් 2000ක් දීලත් සාමාන්‍ය කැමරාවක් සහ 4,800mAh පොඩි බැටරියක් තිබ්බ එකනෙ.
හැබැයි Xiaomi මේකට 6,000mAh දැවැන්ත Silicon-carbon බැටරියක් දාලා තියෙනවා (67W Wired & 50W Wireless Charging එක්ක). කැමරාව පැත්තෙන් බැලුවොත් 200MP Main (1/1.56-inch-type) + 50MP Periscope (3.5x Zoom) + 50MP Ultrawide තියෙන සුපිරි Leica කැමරා සෙටප් එකක් තමයි තියෙන්නේ.
4. අඩුපාඩු නැතුවමත් නෙමෙයි! ![]()
මේක 4000 nits Brightness තියෙන පට්ට ෆෝන් එකක් වුණාට, මේකෙ IP Rating එකක් (Water/Dust resistance) ගැන Xiaomi ලා මුකුත් කියල නෑ. ඒ වගේම ෆෝන් එක නැවෙන තැන තියෙන Crease එක Z Fold 8 එකට වඩා ටිකක් පේන්න තියෙනවා. තව දෙයක් තමයි, Samsung එකට වඩා මේක පොඩ්ඩක් මහතයි වගේම බරයි.
ගාණ බැලුවොත් මේක චීනෙදි ඩොලර් 1,600ක් (ලක්ෂ 4.8ක් විතර) වෙනවා. මේ Specs එක්ක බැලුවම මේ වෙලාවේ මාකට් එකේ තියෙන සුපිරිම Foldable එක කිව්වොත් නිවැරදියි.
TECH SONA
