Cryptocurrency සොරකම් සඳහා AI තාක්ෂණය වැඩි වැඩියෙන් භාවිත කරන බවට Cybersecurity විශේෂඥයන් අනතුරු අඟවනවා. Bloomberg වාර්තාවකට අනුව, TraderTraitor නමින් හඳුන්වන කණ්ඩායම AI සහ Social Engineering ක්‍රම උපයෝගී කරගෙන විශාල Crypto සමාගම් ඉලක්ක කරමින් ප්‍රහාරවල වේගය සහ සංකීර්ණත්වය වැඩිදියුණු කරන බවට සැක පවතිනවා.
මෙම අනාවරණය පැමිණෙන්නේ Binance Cryptocurrency Exchange වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පමණ සොරකම් කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් FBI ආයතනය උතුරු කොරියාවේ TraderTraitor කණ්ඩායමට චෝදනා එල්ල කිරීමත් සමඟයි. විශේෂඥයන් පවසන්නේ AI මඟින් ඉහළ වටිනාකමක් ඇති ඉලක්ක හඳුනාගැනීම, ආරක්ෂක දුර්වලතා සොයාගැනීම සහ ව්‍යාජ රැකියා අවස්ථා හරහා සේවකයන් රැවටීම වැනි ක්‍රියාකාරකම් පහසු කළ හැකි බවයි.
කෙසේවෙතත්, නවතම Binance ප්‍රහාරයේදී AI භාවිත කළ බව මෙතෙක් තහවුරු වී නැහැ. Blockchain ආරක්ෂක සමාගමක් වන Elliptic පවසන්නේ සොරකම් කළ මුදල් වෙනත් ගිණුම් වෙත මාරු කිරීමේදී AI Agents භාවිත කළ බවට සාක්ෂි නොමැති බවයි. මෙම සිදුවීම AI තාක්ෂණය සහ රාජ්‍ය අනුග්‍රහය ලබන Cybercrime අතර ඇතිවිය හැකි අවදානම් පිළිබඳ අවධානය යළි ඉහළ නංවා තිබෙනවා.
Red Bunny
