අද අරන් ආවේ ටෙක් ලෝකෙ ඇතුළේ යන පට්ටම ත්‍රාසජනක ෆිල්ම් එකක් වගේ නිවුස් එකක්.. මේ දවස්වල ලෝකෙම කතා වෙන්නේ OpenAI කම්පැනිය ලෝකේ විසඳන්න අමාරුම ගණිත ගැටලුවක් විසඳපු එක ගැනනේ. හැබැයි ඒක පිටිපස්සේ යන කුණු කතාව දන්නවද?
1. ඩොලර් මිලියනයක ගණිත ගැටලුවක් පැය 88න් විසඳපු AI මැජික් එක ![]()
අවුරුදු ගාණක් තිස්සේ ලෝකෙ ඉන්න දක්ෂම මිනිස්සුන්ටවත් විසඳගන්න බැරි වුණ ඩොලර් මිලියනයක ත්‍යාගයක් තියෙන “Navier-Stokes” කියන සුප්‍රසිද්ධ ගණිත ගැටලුව OpenAI එකෙන් විසඳලා!.. මේකට උන් AI Agents ලා 10,000ක් දාලා, ඩොලර් මිලියන ගාණක Compute Power එකක් පාවිච්චි කරලා පැය 88න් ගේම ගහලා.
2. හැබැයි මේක අස්සේ තියෙන “මහ කුණු කතාව!” ![]()
මේ ගැටලුව මිනිස්සුන්ට විසඳන්න බැරිවුණා කිව්වට Tristan Buckmaster සහ Levent Alpöge කියන ගණිතඥයෝ දෙන්නා මේක විසඳන්න ඔන්න මෙන්න තමයි හිටියේ. මේක දැනගත්ත ගමන් OpenAI එකට ඉවසුවෙ නෑ. විශේෂයෙන්ම අර ‘Levent’ කියන කෙනා වැඩ කරන්නේ OpenAI ලගේ ලොකුම හතුරා වෙන “Anthropic” AI කම්පැනියේ.
OpenAI ලට ඕනේ වුණේ කොහොම හරි උන්ට කලින් මේක විසඳලා ලෝකෙටම ෂෝ එක දාන්න.
3. OpenAI එකෙන් දුන්න පට්ටම “අල්ලස” ![]()
OpenAI එකේ රිසර්ච් කරන ඩයල් එකක් අර Tristan ට කතා කරලා කියනවා, “උඹ අර Anthropic එකේ එකාව (Levent ව) අතෑරලා දාපන්. ඊටපස්සේ අපි උඹට අපේ AI සිස්ටම්ස් වල Unlimited Compute Power දෙන්නම් මේක විසඳන්න. අන්තිමට නම දාගන්නත් දෙන්නම්” කියලා. හැබැයි Tristan මේක ප්‍රතික්ෂේප කරලා.
4. ChatGPT වලින් අපේ ඩේටා හොරකම් කරනවද? ![]()
දැන් ලෝකෙම ඉන්න ගණිතඥයෝ අහන ලොකුම ප්‍රශ්නේ මේකයි!.. මේ ගණිතඥයෝ කාලයක් තිස්සේ එයාලගේ රිසර්ච් වැඩ වලට පාවිච්චි කරලා තියෙන්නේ OpenAI ලගේම ‘Codex’ සහ ‘ChatGPT’ කියන ටූල්ස්. ඉතින් මුන් සැක කරනවා OpenAI ලා එයාලගේ AI ටූල්ස් ඇතුළෙන් මේ මිනිස්සුන්ගේ රහස් ප්‍රොම්ප්ට්ස් කියවලා ඒ ඩේටා වලින්ම මේ ගණිත ගැටලුව විසඳුවද කියලා
5. ඊළඟ ටාගට් එකත් ලෑස්තියි! ![]()
ලෝකෙම ඉන්න ගණිතඥයෝ දැන් බයටම එයාලගේ රිසර්ච් එළියට දාන්නේ නෑ, AI කම්පැනි ඇවිත් ඒවා උස්සයි කියලා. හැබැයි OpenAI ලා කියනවා උන් දැනටමත් ඊළඟ ඩොලර් මිලියනයේ ගැටලුවත් (Hodge conjecture එක වෙන්න පුළුවන්) විසඳන්න ළඟයි කියලා.
මිනිස්සු අවුරුදු ගාණක් කට්ට කාලා හොයාගන්න දේවල් මේ ට්‍රිලියන ගණන් සල්ලි තියෙන කම්පැනි ඇවිත් සල්ලි බලෙන් පැය ගාණෙන් උදුරගන්න එක ගැන උබලට මොකද හිතෙන්නේ?
ටෙක් කම්පැනි වල මේ ළමා වැඩ නිසා ඉස්සරහට මිනිස්සු අලුත් දේවල් හොයාගන්න එකත් නවත්තයිද? පල්ලෙහායින් කමෙන්ට් කරහන් ![]()
TECH SONA
