ඔයා හිතුවද කවදාහරි AI එකක් තවත් AI Model එකක් හදන්න උදව් කරයි කියලා? අලුතෙන් හදපු Atria Dawn කියන Open Model එක හදන්න ගොඩක් දුරට පාවිච්චි කරලා තියෙන්නේ AI Agents ලවයි.
මේ Research එකට අනුව ඒගොල්ලෝ Tasks 769 ක් අධ්යයනය කරලා තියෙනවා. මේ වැඩවලින් 96.5% කටම AI එකේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. පුදුම හිතෙන කාරණේ තමයි, කරපු වැඩවලින් තුනෙන් එකක්ම AI එක නැතුව කරන්න හිතන්නවත් බැරි ඒවා කියලා Researchers ලා කියනවා.
මේ Model එක හදද්දී ගොඩක් Ideas දීලා තියෙන්නෙත් AI Agents ලාමයි. හැබැයි අවසාන තීරණය අරගෙන තියෙන්නේ නම් මිනිස්සු. 85.5% ක් Method Decisions සහ 93.4% ක් Goal Decisions අරගෙන තියෙන්නේ Humans ලාමයි.
ඒ වගේම AI Agent එකකට වැඩක් කරගන්න බැරුව හිරවුණාම, ගොඩක් වෙලාවට Humans ලා කරලා තියෙන්නේ ඒක කරන්නේ කොහොමද කියලා විස්තර කරන එක විතරයි. මිනිස්සුම ඒ වැඩේ බාරගෙන කරලා තියෙන්නේ 0.7% ක් වගේ හරිම අඩු වතාවක් විතරයි.
දැන් එක Human Instruction එකකට AI එක කරන Actions ගාණ සති හතරක් ඇතුළත 11 ඉඳන් 28.5 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ට Check කරන්න බැරි තරමටම AI එක වැඩ කරනවා. ඒ වගේම මේක හදපු අය වැඩේ ඉක්මන් කරගන්න Permissions පවා Off කරලා තියෙනවා.
මේ Model එක Benchmarks 16 කින් 5 කම Top Score අරගෙන තියෙනවා. මේ විදියට AI එක තනියම දේවල් තීරණය කරන එක ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න.
Shalinda Jayasinghe
