පසුගිය සැප්තැම්බර් 22 වැනිදා Premiere mobile යෙදුම Android සඳහා නිල වශයෙන් නිකුත් කර තිබේ. iPhone සඳහා පසුගිය වසරේ හඳුන්වාදුන් mobile video editor එක මේ සමඟ Android පරිශීලකයන්ටද ලබාගත හැකියි.
Premiere mobile Android යෙදුම නොමිලේ භාවිත කළ හැකි අතර, core video editing features සඳහා subscription එකක් අවශ්‍ය නොවේ. වීඩියෝ 4K resolution දක්වා export කිරීමටත්, export කරන වීඩියෝවල watermark එකක් නොමැතිව භාවිත කිරීමටත් හැකියි.
Multi-track timeline එක හරහා video clips, music, voiceovers, text සහ effects එකම project එකක layer කර සංස්කරණය කළ හැකියි. Enhance Audio පහසුකම හරහා dialogue පැහැදිලි කිරීම සහ background noise අඩු කිරීමද කළ හැකි අතර, templates, transitions සහ Adobe Stock assets ද භාවිත කළ හැකියි.
Adobe account එකකට sign in නොවීද Android යෙදුමෙන් video edit කිරීම, project එක device එකේ save කිරීම සහ export කිරීම කළ හැකියි. කෙසේ වෙතත් Stock music වැනි ඇතැම් assets භාවිත කිරීමට sign in වීම අවශ්‍ය වේ.
Adobeගේ වත්මන් product information අනුව generative AI features සඳහා Firefly generative credits අවශ්‍ය වුවත්, එම generative AI features දැනට Android version එකේ ලබාදී නොමැති අතර iOS සඳහා පමණක් පවතී.
Premiere mobile භාවිත කිරීමට Android 13 හෝ ඊට ඉහළ operating system එකක් සහ අවම 5GB RAM අවශ්‍යයි. Adobe Fonts, වැඩිදියුණු කළ captions, keyframes, beat detection සහ desktop Premiere සමඟ project එක දිගටම edit කිරීම වැනි තවත් features ඉදිරියේදී Android version එකට එක් කිරීමට Adobe සැලසුම් කර තිබේ.
Red Bunny
