පසුගිය සැප්තැම්බර් 29 වැනිදා පැවති DevDay 2026 උත්සවයේදී කණ්ඩායම් එකම project context එකක් තුළ ChatGPT, Codex සහ Dots සමඟ එක්ව වැඩ කළ හැකි නව shared workspace එකක් වන ChatGPT Space හඳුන්වා දී තිබේ.
ChatGPT Space තුළ projects, files, Pages, goals, plans සහ කලින් කළ වැඩ එකම තැනක තබාගත හැකි අතර, කණ්ඩායමේ සාමාජිකයන් සහ AI agents ඒම context එක භාවිත කරමින් එකම වැඩකටයුත්ත දිගටම ඉදිරියට ගෙන යා හැකියි. Pro, Business සහ Enterprise පරිශීලකයන් සඳහා Space, කලින් තිබූ Library අත්දැකීම වෙනුවට shared files සහ Pages සඳහා ප්‍රධාන ස්ථානයක් බවට පත්වේ.
Pages තුළ text, images, charts සහ වෙනත් project materials එකට තබාගෙන අනෙකුත් සාමාජිකයන් සමඟ view හෝ edit access share කළ හැකියි. එක් අයෙකු Page එකක් share කළ පමණින් ඔහුගේ private chats හෝ ChatGPT Memory අනෙකුත් අයට විවෘත නොවන අතර, shared content සඳහා සෑම අයෙකුම තමන්ගේම ChatGPT agent එක භාවිත කරයි.
ChatGPT Space, Dots සමඟ සම්බන්ධ වූ විට shared project එකක් දිගටම update කරගෙන යාමටද හැකියි. උදාහරණයක් ලෙස Slack, email සහ calendar වලින් action items එකතු කර project Page එකක් update කිරීම, deadlines සහ next steps track කිරීම, documents synchronize කිරීම සහ team එකට අවශ්‍ය වෙනස්කම් පිළිබඳ දැනුම්දීම වැනි වැඩ Dots හරහා සිදු කළ හැකියි.
OpenAI මේ හරහා ChatGPT තනි පුද්ගලයෙකු සමඟ කතා කරන chatbot සේවාවකින්, මිනිසුන් සහ AI agents එකම context එකක් තුළ දිගුකාලීන projects මත එකට වැඩ කළ හැකි collaboration platform එකක් දෙසට ගෙන යමින් තිබේ.
Red Bunny
