ෆේස්බුක් එකෙන් ගෙනාපු ‘Muse’ (Jolly) AI එකට රෙදි ගැලවෙන්නම ගහන්න, OpenAI කම්පැනිය ඊයේ තියපු උන්ගේ ‘DevDay 2026’ ඉවෙන්ට් එකේදී අලුත්ම AI සෙල්ලමක් එළියට දැම්මා.
මේකට කියන්නේ ‘Dots’ කියලා. මේක නිකම්ම Chatbot කෙනෙක් නෙවෙයි, පැය 24ම උඹ වෙනුවෙන් වැඩ කරන උඹේම පුද්ගලික ඩිජිටල් සහායකයෙක්. සිරාවටම කිව්වොත් මේක හරියට සල්ලි නොදී වැඩ ගන්න පුළුවන් ඩිජිටල් වහලෙක් වගේ.
1. ඌටම කියලා වෙනම කොම්පියුටරයක්! ![]()
මේක දුවන්නේ අලුත්ම GPT-6 Astra මොඩල් එකෙන්. ආතල්ම සීන් එක කියන්නේ උඹේ Dot ට වැඩ කරන්න OpenAI එකෙන් වෙනමම Cloud Computer එකක් දීලා තියෙනවා. ඒකෙන් ඌට ඇප් 4000කට වඩා පාවිච්චි කරන්න පුළුවන්. උඹ ෆෝන් එක ඕෆ් කරලා නිදාගත්තත්, ඌ අර Cloud කොම්පියුටරේ ඇතුළේ උඹේ වැඩ ටික කර කර ඉන්නවා.
2. ඌ තනියම හිතලා වැඩ කරනවා! ![]()
හිතපන් උඹ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියලා. උඹ Dot ට කියනවා “මගේ මේ වීඩියෝ එක බලලා, හොඳම කෑලි ටික කපලා අරන් ෆේස්බුක් දාන්න පෝස්ට් ටිකක් ලියපන්” කියලා. ඌ ඒක තනියම කරනවා විතරක් නෙවෙයි, ඌට ප්‍රශ්නයක් ආවොත් උඹට මැසේජ් එකක් දාලා අහනවා “බොස්, මේ කෑල්ල කපන්නද?” කියලා!
3. සකර්බර්ග්ගේ Muse ට වඩා සේෆ්ද? ![]()
අපි කලින් කතා කරානේ Meta එකේ ‘Muse’ අතින් ෆේස්බුක් එකේ එකෙක්ගේ ඇත්තම ඇඩ්‍රස් එක වෙන එකෙකුට යවලා මාට්ටු වෙච්ච සීන් එකක්. OpenAI ලා කියන්නේ උන්ගේ Dots ඊට වඩා ගොඩක් ආරක්ෂිතයි කියලා. Password එකක් මාරු කරනවා වගේ ලොකු වැඩක් ඌට තනියම කරන්න බෑ, ඌ Auto-review ෆීචර් එකෙන් චෙක් කරලා ඒ වැඩේ උඹේ අතටම දෙනවා.
4. මේක ගන්න පුළුවන් කාටද? ![]()
දැනට මේක දීලා තියෙන්නේ සල්ලි දීලා ගත්ත ChatGPT Pro, Business Premium සහ Enterprise යූසර්ස්ලට විතරයි. ඌ එක්ක කරන චැට් වලට ලිමිට් එකකුත් නෑ (Usage limits නෑ). ඉස්සරහට එකෙක්ට Dots ලා කිහිපදෙනෙක්ම හදාගන්න පුළුවන් ෆීචර් එකකුත් එනවා.
Slack, Microsoft Teams වලට පවා කනෙක්ට් කරලා ඔෆිස් එකේ වැඩ ඔක්කොම මුන්ට දීලා අපිට නිදාගන්න පුළුවන් කාලෙකට අපි දැන් ඇවිත් ඉන්නේ.
උඹලට මේ වගේ ඩිජිටල් වහලෙක් හිටියොත් ඌට දෙන පළවෙනි ටාස්ක් එක මොකක්ද?
TECH SONA
